මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අග රජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

බෝපාල්හි පැවති අන්තර් ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමුළුවකට සහභාගී වූ අගවිනිසුරුතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු මෙම සාංචි පුදබිමට පැමිණ එම පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට එක්වූ බවත් විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පවසති.

ඊට අමතරව මියන්මාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ මෙරට මහාධිකරණ විනිසුරුවරුන් පිරිසක් ද පසුගිය දිනක සාංචි පුද බිමට පැමිණි බව සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසතිි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...