සටහන – රුවන් නෙළුගොල්ල
පසුගිය මාසයේ ඇතිවූ සුළිකුණාටු ආපදා තත්වය හමුවේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී ඇති බැවින් කුඩා වාහන සඳහා අයකරන තීරුබදු ප්‍රතිශතය අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් මානගේ මහතා පවසයි.
“මේ ආපදා තත්වය හමුවේ මිනිස්සුන්ගෙ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙනවා. අපිට දීපු ඕඩර්ස් ගොඩක් ඒ අයට මිලදී ගන්න බැරි තත්වයට පත්වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සුන්ගෙ ව්‍යාපාර සහ ආර්ථික තත්වය කඩාවැටිලා. අපිට ඕඩර්ස් දීලා ගෙනාපු වාහන දැන් ඒ අයට ගන්න බැරිවෙලා තියෙනවා. ඔබ සියලු දෙනා දන්නවා මෙරටට ආනයනය කරලා මාස තුනක් ඇතුළත ලියාපදිංචි නොකරන සියලුම වාහනවලට 3%ක පෙනල්ටි එකක් ගහනවා. මාස තුන පැන්නාට පස්සෙ පළවෙනි මාසෙ 3%යි, ඊළඟ මාසෙ තව 3%ක්, ඒ වගේ දිගින් දිගට යනවා. අපි ඉල්ලීමක් කරන්න කැමතියි රජයෙන් මේ ආපදා තත්වය යටතේ මේ 3% අපිට පුළුවන් නම් අයින් කරලා දෙන්න. මොකද මේ ඇනවුම් කරලා ගෙන්නපු වාහන මේ අයට මිලදී ගන්න බැරිවුණාම අපිට මේවා ප්‍රදර්ශනාගාරවල දාලා විකුණන්න වෙන්නෙ. මේ වාහන නිෂ්කාශන කිරීමේ ප්‍රමාදයත් එක්ක සාමාන්‍යයෙන් සුමාන තුනක් වගේ මේවා රේගුවේ සහ නිෂ්කාශන ක්‍රියාවලියේ තියෙනවා. එතකොට අපට මේ වාහනයක් විකුණන්න මාස දෙකක වගේ කාලයක් තියෙන්නෙ. අනිවාර්යයෙන්ම අපිට මේක මාස දෙකක් තුළ විකුණාගන්න බැරිවෙනවා රටේ ආර්ථිකය වැටිලා තියෙන නිසා. ඒ වගේම පොලී අනුපාතත් යම් මට්ටමකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි පුළුවන් නම් මේ 3% අයින් කරලා දෙන්න.
ඒ වගේම අපි රජයෙන් නැවතත් ඉල්ලන්න කැමතියි මේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් පුළුවන් නම් මිලේ යම් වෙනසක් කරන්න. අඩුම තරමේ මේ සාමාන්‍ය ජනතාව මිලදී ගන්න පොඩි වාහනවලට. ඇල්ටෝ, වැගන් ආර්, යාරිස්, සුසුකි හස්ලර් වගේ අඩුම ගාණෙ 1000 CC කාණ්ඩයේ හෝ තීරුබදු අඩුකරලා දෙන්න කියලා අපි ඉල්ලන්න කැමතියි. අපි දන්නවා වැගන් ආර් රථයකට පවා ලක්ෂ 38 – 40ක විතර බදු වදිනවා. මේක මේ 650 CC පොඩි එන්ජින් එකක් තියෙන පොඩි වාහනයක්. මේවා හොඳට ඉන්ධන කරන ඒවා. යාරිස්, වැගන් ආර්, හස්ලර් මේ වගේ වාහන ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ මට්ටමක තියෙනවා, ලීටරයට කිලෝමීටර් 20ක් විතර කරනවා. ඉතින් මේ වාහනවලට පොඩි දිරිගැන්වීමක් කරන්න ඕනෙ. ඒ හින්දා අපි නැවතත් රජයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි පුළුවන් නම් මේ වාහනවල මිල ගණන් අඩුකරලා දෙන්න. යාරිස් රථයකට ලක්ෂ 40 – 45 විතර ඩියුටි වදිනවා, ඇල්ටෝ රථයකට ලක්ෂ 35ක්. සාමාන්‍යයෙන් 200%ක විතර ඩියුටි පසන්ටේජ් එකකින් යනවා. අපි ඉල්ලන්නෙ මේ වාහන කාණ්ඩය පමණක් හරි අඩුකරන්න කියලා.
අපි දැන් රජයට ඉල්ලීමක් කරන්න යන්නෙ per dollar rate එකක් බලන්න කියලා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙන් එක ඩොලර් එකක් වාහන ආනයනයට ගියාම ඩොලර් 1.5ක් රජයට ආදායම ලබන්න. ඒ වගේ කැල්කියුලේශන් එකක් හදන්න. මොකද සමහර අවස්ථාවලදී රජය මිස්ලීඩ් වෙලා තියෙන තැන් තියෙනවා. ඒ කියන්නෙ සමහර එසෙම්බල් වාහන සහ සමහර ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමේදී රජයේ තියෙන ලූප් හෝල්වලින් රිංගලා ඉතාම අඩු ඩියුටියක් ගෙවන්නෙ. ඒවාට හරියන්න – රජයට අර තියෙනවානෙ ඩොලර් එකක් වියදම් කරනකොට ඩොලර් 1.5ක් රජයට ආදායමක් බලාපොරොත්තු වෙනවා කියලා – එතකොට තමයි මේ ඩියුටිය වැඩිවෙන්නෙ. වාහන ආනයනකරුවන්ගේ සංගමය වශයෙන් අපි රජයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා අලුත් බදු ව්‍යුහයක් ගැන යෝජනාවක්. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් එකක් එළියට යනකොට අඩුම ගාණෙ රජයට ඩොලර් 1.5ක හෝ ඩොලර් 2ක ආදායමක් රජයට ලබාගන්න ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න. ඒ තුළින් මේ වගේ ධාරිතාව අඩු වාහනවලට ඩියුටි එකේ අඩුවක් වෙනවා, ධාරිතාව වැඩි වාහනවලට ඩියුටි එකේ වැඩිවීමක් වෙන ක්‍රමයක් හඳුන්වාදෙන්න අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”
ප්‍රසාද් මානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


