” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW:

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ ” මූල්‍ය ණය සහන ප්‍රදානය ” වැඩසටහන ඊයේ (26) සිදු කෙරුණි.

විවිධ ක්ෂේත්‍රයන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමේ අරමුණු ඇති සහ පවත්වාගෙන යන රැකියා තව දුරටටත් ප්‍රවර්ධනය කරලීමේ අරමුණු ඇති තෝරාගත් ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා අද මෙම ණය පහසුකම් ලබා දුනි .

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහහාගී වූ අතර ඔහු මෙසේ අදහස් පළකර සිටියේ ය.

” නාගරික ජනාවාස තුල ජීවත් වන ජනතාව ආර්ථිකව සමාජීයව සහ සංස්කෘතිකව ශක්තිමත් කරලීම උදෙසා 80% ක වැඩි නැඹුරුවකින් නව වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා .විශේෂයෙන්ම නව ව්‍යවසායකයින් ගොඩ නැගීම වෙනුවෙන් රජයක් ලෙස අපි ප්‍රජාව වෙත දැනුම ලබා දෙනවා, ඒ හරහා ආරම්භ වෙන නව ව්‍යවසායික කර්මාන්ත වෙනුවෙන් වෙළඳපොළක් නිර්මාණය කරනවා. ඔවුන්ව අඛණ්ඩ  අධීක්ෂණයක් තුළ රැක බලා ගන්නත් අපි සූදානම්.ස්වයං රැකියාවක නිරතවීම ලොකුම වාසිය තමයි ” තමන්ට පුලුවන් තමන්ගේ බොස් ” වෙන්න. අලුත් දේවල් අත්හදා බලන්න.වෙළදපොළ අත්පත් කර ගන්න. ඒ දක්වා යන ගමනෙ දි රජයකට දෙන්න තියෙන තල්ලුවෙන් කොටසක් විතරයි මේක.

ස්වයං රැකියා ලාභීන්ගෙන් රජයක් බලාපොරොත්තු වෙන දේ ගැනත් යම් අදහසක් මම කියන්නම්. අපිට අවශ්‍යයයි ස්වයං රැකියා නගා සිටුවීම හරහා දේශීය නිෂ්පාදනයන් වැඩි කරන්න. ඒ හරහා ගොඩ නැගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින් රටේ නිෂ්පාදන ආර්ථිකය එහෙම නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න. ආනයන භාණ්ඩ අඩු කිරීම තුළ දේශිය භාණ්ඩ හා සේවා වැඩි කරන්න. ගොඩ නැගෙන ස්වයං රැකියා වෙළදපොළ  හරහා නව රැකියා අවස්ථා ගොඩ නගන්න. රජයේ රැකියා අවශ්‍යතාවය මත රැදෙන පිරිස් වල පීඩනය අඩු කරන්න. දක්ෂතා භාවිතා කරමින් නවෝත්පාදනය වෙනුවෙන් සමාජය යොමු කරන්න. මේ බොහෝ කාරණා සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව තියපු එක් පියවරක් විතරයි මේක”.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...