සෑම පිරවුම්හලකටම තෙල් එන්නේ නැහැ.තෙල් එන ඒවාට විතරක් යන්න – පිරවුම්හල් වෙතින් ඉල්ලීමක්

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් තිබෙන බව පැවසුවද බෙදා හැරීම සීමා කර ඇති හෙයින් සෑම ඉන්ධන පිරවුම්හලකටම පෙට්‍රල් සහ ඩීසල් නොලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.

මෙම තත්ත්වය මත දෛනිකව ඉන්ධන ලැබෙන පිරවුම් හල් මොනවාද යන්න පිළිබඳ අන්තර්ජාලය තුළ තොරතුරු යාවත්කාලීන වන හෙයින් එලෙස ඉන්ධන ලැබෙන පිරවුම්හල් වෙත පමණක් ගොස් අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙසයි ඔහු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

වාහන අංක අනුව සහ QR කේත ක්‍රමය ඔස්සේ පමණක් දැන් ඉන්ධන බෙදා හැරෙන නිසා අනවශ්‍ය ලෙස පෝලිම් වල රැඳී නොසිටින ලෙසද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වාහන අංක අනුව සහ QR කේත ක්‍රමය මඟින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක බව පෙනෙන්නට ඔහු කියා සිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...