ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එම තක්සේරුවෙන් අනතුරුව වන්දි ලබා දීමට කටයුතු කරන බව, ධීවර අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මේ වනවිට කරදිය යාත්‍රා 300කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් යාත්‍රා 400 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පැවසේ.

එම හානි වූ යාත්‍රා, ධීවර රක්ෂණ වන්දිය යටතේ සහ රජය විසින් හඳුන්වා දී ඇති අඩු පොලී ණය යෝජනා ක්‍රම යටතේ නැවත සකසා දීමට කටයුතු කරනු ඇත. තවද, ධීවර දැල් විනාශ වූ කරදිය ධීවරයින් 1,205 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වවුචරයක් සහ  මිරිදිය ධීවරයින් 6,000කට ආසන්න පිරිසක් සඳහා රුපියල් 75,000ක ආධාරයක් ද ලබා දීමට නියමිත බව පැවසේ.

තවද, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ වැව් 699 ක මත්ස්‍ය ගහනය වාර දෙකකින් නැවත ස්ථාපිත කිරීමට හා විසිතුරු මසුන් නිෂ්පාදකයින්ට නව මව් සතුන් ලබා දීමටත් ධීවර අමාත්‍යංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...