සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම ආදිය වේ.

මෙම ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ප්‍රතිපාදන අනුව නිකුත් කර ඇති ඇති බව සඳහන් වන අතර, මෙම නිවේදනය අද (28) දින අංක 2468/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ගිලන් රථ සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන් ද මේ යටතට අයත් වේ.

ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු සියලුම සේවාවන් අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මඟින් කරගෙන යනු ලබන ජලය සැපයීම, විදුලි බලය, කසළ කාණු ක්‍රමය, ගිනිනිවීමේ හා ගිලන් රථ සේවය, කසල ශෝධනය සහ කුණු ඉවත්කිරීම ඇතුළු සියලුම සේවාවන් ඒ යටතට අයත් බව නිවේදනයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...