දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW:

දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ පැතිකඩයන් ගණනාවක් තිබුණද අප අද මේ තොරතුරු ගෙන එන්නේ ඒ සියල්ලටම වඩා එහා ගිය වෙනස්ම කතාවකි. ඒ, බොහෝ අය නොදත් ඒත්, අප රටට මහත් සම්පතක් වූ නිහඬ මිනිසකු විසින් කරගෙන යනු ලබන රටට වැඩදායී කර්ත්ව්‍යක් පිළිබඳවයි.

මෙම කාර්‍යයේ කතා නායකයා වන්නේ ඇලෙක්ස් තන්ත්‍රිආරචි නම් වූ නිහඬ මිනිසායී.

ඇලෙක්ස් තන්ත්‍රිආරචි තරුණයෙක් ලෙස 1960 ව්ද්‍ර්ෂය අවසාන කාලයේදී ජනතා විමුක්තිය පෙරමුණු දේශපාලනික සම්බන්ධ වන අතර, ඉන් අනතුරුව 71 අරගලයෙන් පසු ඔහු සිරගත වී ඇත. පසුව, යාපනයේ බන්ධනාගාරයේදී විජේවීර සහ ප්‍රධාන අනිකුත් සැකකරුවන් සමඟින් ඔහු සිරගතව කාලය ගත කර ඇත. පසු කළෙක ඔහු නිදහස් වීමෙන් පසු සහ ඉන් පෙර දිගින් දිගටම කල්පනා කර ඇත්තේ, තරුණයින් තුළ ඇති තරුණ අසහනය සහ ප්‍රශ්නය පිළිබඳවයි. පසුව මෙයට ප්‍රධාන හේතුවක් ලෙස මෙම තරුණයන් තුළ ඇති ආර්ථික ප්‍රශ්න මූලික වී ඇති බව පසක් කරගෙන ඇත. එහිදී ඒ වනවිට ලංකාවේ රජය, කෘෂිකර්මාන්තය සමඟ තරුණයින්ගේ රැකියාවලට සම්බන්ධ කරන්න සහ තරුණගේ ආර්ථිකය දියුණු කරන්නට අපොහොසත් ව තිබෙන බව ඔහු තීරණය කර ඇත .

පසුව, ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ කළ අධ්‍යයනයකින් පසු ඔහුගේ තීරණයක ප්‍රථිපලයක් ලෙස, ලංකාවේ දේශීය ගොවිතැන දියුණු කළයුතු බව සහ, ඒ වගේම ලංකාව තුළ හරිත විප්ලවත් සමඟ සිදුවන යම් යම් හානි කර තත්ත්වයන් පරිසරයට අහිතකර බැවින්, ඒ නිසා දේශීය කර්මාන්ත කාබනිකාබනික දියුණුව කරා ගොවිතැන දියුණු කළ යුතු බව තීරනය කර ඇත.

පසු කළෙක ඒමහතා දේශීය බීජ එකතු කිරීමට පෙලඹෙන්නේ මේ සමඟයි. එහිදී ඔහුගේ පිරිස් සමග රට වටා ගොස් දේශීය සහල් වර්ග සිය ගණනක් සොයා ගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු විසින් එප්පාවල ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් තරුණ ගොවි පාසලක් ආරම්භ කරනු ලබයි. ඒ අනුව තරුණයින්ට ගොවිතැන දැන උගෙන ගැනීම ඒ තුළින් ආරම්භ විය.

ඒ අනුව ඔහු එක් රැස් කර ගත් දෙශීය බීජ වර්ධනය කරමින් ඒවා තුළින් තවත් බීජ රෝපණය කරන අවස්ථා නිර්මාණය කරමින් ගොවීන්ට බෙදා දෙමින්, ඔහු විශාල කර්තව්‍යයක නිරත වී ඇත.

ඔහු පසුගියදා තවත් අලුත් ඉතා වැදගත් කාර්‍යයකට අතගසනු ලැබීය. එම අලුත් ව්‍යාපෘතියේ අදහස වන්නේ, මේ රටේ අලි මිනිස් ගැටුමක් තිබෙන නිසා, එනම් අනුරාධපුර එප්පාවල වැනි ප්‍රදේශ වල අලි ගම් වදිමින් එහි ජනතාවගේ කෘෂිකාර්මික බෝග විනාශ කරන අතරම, මේ සඳහා විවිධ විසඳුම් සොයනා අතරේ, ඔහු සිය කෘෂිකර්ම දැනුම පදනම් කරගෙන ඔහුගේ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ සම්භන්ධ වෙමින් නව වැඩසටහනක් ඔහු විසින් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන තුළින් බලාපොරොත්තු වූයේ, පවතින රජයේ වනාන්තරවලට හානියක් නොවී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයක් ඔවුන් සමග එකතුවෙමින්, අලි අතුන් නගරයට ඒමට හේතුව වන ආහාර හිඟයට විසඳුමක් ලෙස, ඔවුන්ට ආහාර සඳහා කොස් ඒ වගේම වියළි කලාපයට ගැලපෙන වෙනත් පලතුරු වර්ග වගා කරන කරන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි.

ඒ අනුව ඒ සඳහා පැළ සිටුවීම පසුගිය දා සිදු කරනු ලැබීය. මුල් අදියරේදී පැල 1000ක් අදාළ ප්‍රදේශයේදී සිටුවීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

එහිදී ඒ පිළිබඳ සුළු උත්සවයක්ද පසුගිය දා පැවැත්වූයේ ඇලෙක්ස් තන්ත්‍රිආරචි මහත්මාගේ 75 උපන්දිනයද සැමරීම නිමිත්තෙනි.

තවද, මෙහි යන ඕනාම අයෙකුට දැකගත හැකි වන්නේ , ඔහුගේ එප්පාවල ගොවි පාසල ආශ්‍රිත භූමියේ මේ වන විට විවිධ වර්ගවල වී ප්‍රභේද අභිජනනය කිරීම සඳහා ඔහු ගන්න උත්සාහයයි.’

ඒ වගේම මී මැස්සන් ඉතා දැඩි ලෙස ලංකාවේ වඳ වේගෙන යන අවධියක , මී මැසි පාලනය සහ මෙම ඉතා වදගත් මීමැසි වගාව ප්‍රවර්ධනය කිරීම සඳහාද විවිධ අත් හදා බැලීම්ද මේ වනවිට සිදුකරන බව වාර්තා වේ.

තවද, ඔහු විසින් සිදුවන විශේෂ කර්ත්ව්‍යක් වන්නේ මෙරටින් විනාශ වී යන සමනළයින් ආරාක්ෂා කිරීමේ වැඩසටහනයි. එහිදී, සමනලයින් සඳහා හිතකර ශාඛ වර්ග හඳුනා ගනිමින් ඒවා ආරාක්සා කර, විනාශ වීමට නොදී වර්ධනය කරහැනීමටත්, එ සමඟම සමනලයින් අභිජනනය කර ඔවුන් පරිසරයට මුදා හැරීමටත් ඇලෙක්ස් තන්ත්‍රිආරචි මහතා එප්පාවල තම භූමියේ කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

ඉතින් මේ නිහඬ මිනිසා මේ පුංචි දිවයින ලස්සන කරන්නට ගන්නා වෙහෙස කෙතරම් වටිනා දෙයක් නොවේද? මෙවැනි අනර්ඝ සේවයක් සිදුවන ඇලෙක්ස් තන්ත්‍රිආරචි වැනි මිනිසුන් පරිස්ස්සමින් රැක ගැනීම වත්මන් රජයේද වගකීම විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...