පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනගන්න ඉඩ දෙන්න බෑ – මනුෂ

Date:

පාර්ලිමේන්තුව හරහා බලය ලබා ගැනීමට නොහැකි පිරිසක් ආයුධ අතට ගෙන සන්නද්ධ ක්‍රමයකට බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. එවැනි උත්සාහයක් සඳහා ඉඩ ලබාදීමට කිසිසේත් නොහැකි බවත්, එවැනි උත්සාහයන් පරාජය කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ඇමතිවරයා අවධාරණය කරනවා.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණවල නිරත ඇතැම් කණ්ඩායම් ආයුධ සන්නද්ධව රාජ්‍ය ආයතන අල්ලා ගනිමින් රට අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට ආණ්ඩුව බැඳී සිටින බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළේ ඒ අනුව බවත් මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙනයාමට ආණ්ඩුවෙන් කිසිදු බාධාවක් නොමැති අතර ගෝඨාගෝ ගම විරෝධතා පරිශ්‍රය ඉවත් කිරීමට කටයුතු නොකළේ ඒ අනුව බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි. ප්‍රජාතන්ත්‍රවාදී අරගල මැඩපැවැත්වීම සඳහා කිසවිටෙකත් කටයුතු නොකරන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...