කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජය කිරීමට කටයුතු කරන බව එහි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇත්තේ ජනතාවාදී අයවැයක් නොවන අතර එය කතාවට පමණක් සීමා වුවක් බවට ඔවුන් චෝදනා කරයි.

ඒ අනුව අද දින සංශෝධිත අයවැයක් ඉදිරිපත් නොවන්නේ නම් නැවත එය පරාජය කරවන බවට විපක්ෂය අවධාරණය කර ඇත.

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය ලෙස ඊයේ (30) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

එහිදී විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රීසා සාරුක් පවසා සිටියේ නගරාධිපතිවරයා තෝරාගැනීමේදී ජාතික ජන බලවේගයට සහය දුන් මන්ත්‍රීවරු තිදෙනාද විපක්ෂය සමඟ සිටින බවයි.

”2026 කොළඹ නගර සභාවේ අයවැය අපි පරාජය කළා. රජයට සම්බන්ධ පාර්ශවය සමාජ මාධ්‍ය ඔස්සෙ මේ අයවැය පරාජය කිරිම සම්බන්ධව විවිධ චෝදනා කරනවා. නව නගරාධිපතිවරයෙක් තෝරාගැනිමේදි විවිධ වරප්‍රසාද දීලා රහස් ජන්දයක් පවත්වලා ජය ගත්තා. අද ඒ මන්ත්‍රිවරුන් 3ක් අපිත් එක්ක ඉන්නවා. මේකට හේතුව ඒ දවස්වල දුන්න බොරු පොරොන්දු ඉටු කිරිමට නොහැකිවීම. කොළඹ මහානගර සභාවේ මුදල් යොදවන්න පුලුවන් බිලියන 17ක් පමණයි. නමුත් පුම්බලා තියනවා බිලියන 28 කට. ඒ නිසයි පරාද කරේ. අපි කිව්වා සංශෝධනය කරන්න කියලා. එහෙම කරලා නැත්නම් දෙවන වර අයවැය කියවීම පරාජය කරනවා. ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් නොහදුනන ජනතා විරෝධී අයවැයක් නම් අපි පරාජය කරනවා.”

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ඇල්ෆර් සම්පත් සඳහන් කළේ,

”ජනතාවාදි අයවැයක් පරාජය කරා කියලා සමාජ මාධ්‍යයේ මඩ ගහනවා. දරුවන්ට 75000 කට පාසල් උපකරණ ලබා දෙනවා. ඒක කප්පාදු කරලා. 13000ක මහජන ආධාර කපා හැරලා. අපි ගෙනාපු කිසිම අයවැයකට මේ NPP එක හෝ ජනතා විමුක්ති පෙරමුණ ජන්දය දිලා නෑ. දැන් මේ අයවැය පාරජය වෙනකොට දුක ඇති. අපි ඉදිරියටත් මේ අයවැය පරාජය කරනවා.” යනුවෙනි.

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා ද මාධ්‍ය හමුවේදී අදහස් පළකරන ලදී. ඔහු පැවසුවේ පාන් ගෙඩියට අයිසින් තවරා පාන් කැවිය නොහැකි බවයි. බලය ලබා ගැනීමට පෙර දුන් පොරොන්දු ඉටුකරගත නොහැකි තැනට දැන් ආණ්ඩු පක්ෂය පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

”පළාත් පාලන අයතනවල බලය ගන්න කප්පරක් බොරු කිව්වා. දැන් කොළඹ මහනගර සභාව පාලනය කරගන්න බැරිවෙලා. මේ අයවැයෙන් දැවැන්ත ආදායමක් උපයලා ජනතාවට සේවය කරනවා කියලා කියනව නම් මේක බොරුවක්. මේක කතාවක් විතරයි. කෙරෙන අයවැයක් නෙමෙයි. තුනෙන් එකක ජනතාවක් ඉන්නවා ජීවත්වෙන්න අවම පහසුකමක් වත් නැතුව. අපි හිතුවා මේ සදහා යෝජනා ඇති කියලා. දැන් පාරවල් කාපට් කරනවා. ඇලවේලි සුද්ද කරන්නෙ නෑ. ඒ ඇයි කොමිස් ගන්න මේ කරන්නෙ. මෙගොල්ලන්ට පොරොන්දු ඉටු කරගන්න බැරිවුනාම දැන් ජනමාධ්‍යට අතතියන්න හදනවා. ජනතාවට සුබවාදි අයවැයක් ගේන්නයි අපි මේ රතු එළියක් දැල්ලුවේ. 2026 අයවැය පරාද වුණත් 2027 පරාද වුණත් නගරාධිපතිතුමියට පුලුවන් අයවැයේ තිබෙන කාරණා කරගෙන යන්න. අපි අභියෝග කරනවා කොළඹ නගර සභාව හදන්න සැලසුමක් ඉදිරිපත් කරන්න කියලා. මේගොල්ලන්ට කරන්න බෑ. පාන්ගෙඩියට අයිසින්ගාල පාන් කවන්න බෑ.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...