සටහන : සශිකලා මධුෂාණි
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ සදාතනික කෝකිලාවිය කලාශුරි ලතා වල්පොල මහත්මිය දශක අටක් පුරා ගීත 6750 කට අධික සංඛාවක් සිය මධුර මනෝහර රන් ස්වරයෙන් නලවාලමින් රසික සිත් සනහා ලු ඇය පසුගිය (27)දා රාත්‍රියේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වෙමින් යුගයක් නිමාකර තිබුනා.
මියයන විට 91 වන වියේ පසු වූ ඇය 1934 නොවම්බර්මස 11 වන දින බම්බලපිටියේදී උපතලද රීට ජෙනවිට් ප්‍රනාන්දු හෙවත් ලතා වල්පොල මහත්මිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේන් සිය මුලික අධ්‍යාපනය නිම කරණු ලැබිය. එතුමිය ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන සමයේ පටන්ම ගායනයට, නැටුමට, රංගනයට දැඩි ආශාවක් දැක්වූවාය. පියාගේ පියානෝ එකෝඩියනයන්, වයලීනයත්, ග්‍රැමෆෝනයත් ඇගේ ඉදිරි ගමනට රුකුලක් වූ අතර එතුමිය 1947 වසරේදී සිය මුල්ම ළමා ගීතය වශයෙන් ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ ගීතය ගායනා කරමින් ගායනයට ප්‍රවිෂ්ඨ විය.

පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සංගීතවත් කළ නිර්මාණයකට ඇය ඉදිරිපත් කළ හංස නැටුම ඇය ලද විශේෂ භාග්‍යයක් සේ ඇය සලකයි. සී.එල්. ෆොන්සේකා මහතාගේ ගුවන් විදුලි ගීත නාට්‍යයක සමූහ ගායනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇයට ලැබිණි. කෙසේ නමුත් එයට එතුමියග් පියාගේ සහ පාසලේ ප්‍රධාන කන්‍යාතුමියගේ දැඩි විරෝධතා එල්ල වන්නට වූ අතර ගරු මර්සලීන් ජයකොඩි පියතුමා සහ පී. එල්.ඒ. සෝමපාල සමඟ බිෂොප්තුමා වෙත ගිය ලතා වල්පොල මහත්මිය සිය මවද කටුව ගොස් ඊට අවසර ලබාගෙන තිබුණා.
වින්සන්ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක ඔහුත් සමඟ “කඳුළු දෙනෙතින් වෑහෙන“ ගීතය ගැයූ ලතාට පසුව අර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන්වලට දායක වීමට අවස්ථාව ලැබිණ. එහිදී ගැයූ “නමෝ මරියනි“ ගීතය පසුව කොලොම්බියා තැටියකට නැඟිණ.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද විරුදාවලි ලත් ඇය 1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි අතර එතුමිය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම මධුර මනෝහර හඬ දායකත්වය ලබාදී තිබේ.
එතුමිය,මන රංජන දර්ශනීය ලංකා, පෙරදිග මුතු ඇටයයි, රැජින මමයි, නමෝ මරියනි, සිහින හතක මැද, රොන් සොයා, රෑන ගිරා, එන්ලුම් මානෙල්, ආදරයේ රන් විමනේ, දේදුන්නෙන් එන සමනලුනේ, රතුගුරු පාරේ හැන්දෑවේ, සියුමැලි, රුවන් වලා විමානේ, හිනැහෙන්න රෝමියෝ, ආදරයේ රන් විමනේ, මල් මල් සුවඳයි, ඇප තනිවී සෙනෙහෙ ගඟේ, පොකුරු පොකුරු, රන් වන් වූ කරලින්, හිම හෙනු වැටෙන, සුදට සුදේ, ලෝ අඩ නින්දේ, මාල ගිරා, ගලනා සිත ජලේ, අම්මලා දුක් ගන්නේ ආදී යුග යුග ගනාවක් මතකයේ රඳන ගී උල්පතක සාඩම්බර උරුමකාරියක්ය.
මෙරට සංගීත ක්ෂේත්‍රයට ඇය දක්වන ලද මිලකළ නොහැකි දායකත්වය වෙනුවෙන් ඇයට සම්මාන පිට සම්මාන ලැබුණු අතර 2005 වසරේදී කලාසූරී සම්මානයත්, 2017 වසරේදී දේශමාන්‍ය සම්මනයද පිරිනැමිණි.
වසර 91ක් ආයු වලඳා ජිවන ගීය නිම කරමින් එතුමියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදුකිරීමෙන් පසු භූමදාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරුණු අතර යුග යුග රස මතක සදාතනික කළ ඇය, සදානන්දකලු ඇගේ මධුර හඬ පෞර්ෂය යුග යුග ගණනාවක්ම හද බැතින් ඇප සවනතේ නින්නාද වනු ඇත.
අවසානයේ එතුමියට මොක්සුව ලැබේවායැයි පතමු!

