විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා ගිය චීනයේ  BYD!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW :

විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා, 2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ  BYD සමාගම පත්ව තිබේ.

ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත්තේ, ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් වන අතර, නවතම වාර්තාවකින් හෙළිව ඇත්තේ, ටෙස්ලා සමාගම 2025 වසරේ දී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර, BYD සමාගම එම වාසරේ දී වාහන මිලියන 2.26ක් අලෙවිකර ඇති බවයි.

ඒ අනුව 2024 වසරෙට සාපේක්ෂව 2025 වසරේ දී ටෙස්ලා සමාගමේ වාහන අලෙවි 9%කින් පහත වැටී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...