“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW :

අද (03) දින “FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන “FACETS Sri Lanka – 2026” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය අද(03)  සිට 05 දා දක්වා දින 3ක් පැවැත්වේ.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka’ මෙවර පැවැත්වෙන්නේ 32 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු රටවල් රැසක ගැණුම්කරුවන් රැසක් ප්‍රදර්ශණයට එක්වී සිටී.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර දේශීය මැණික් ගැණුම්කරුවන් රැසක්ද “FACETS Sri Lanka – 2026” සහභාගි වී සිටින බව සඳහන් වේ.

මෙවර ප්‍රදර්ශණයේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා ගැණුම්කරුවන් හා අපනයනකරුවන් සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.

දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත් ප්‍රචලිත “FACETS Sri Lanka 2026” ශ්‍රී ලංකාවේ උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසාරත්වය පිළිබඳ කවුළුවක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...