නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW:
ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ හතර හමාරකට මිලට ගත් මෙට්ටයක් ඊට අඩු මුදලකට පාසලක් මිල දී ගෙන ඇත.එසේම ක්‍රීඩා අමාත්‍යංශයෙන් මිලට ගත් මෙට්ට ප්‍රමිතියෙන් තොරය.ආබාධ සෑදීමට බොහෝ ඉඩ කඩ ඇත.ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු මීටර් 3000 බාධක දිවීමේ සූරයෙකු මෙන්ම,වර්ථමානයේ ප්‍රබල පුහුණුකරුවෙකු ද වන ප්‍රියන්ත තන්තිරිගේ චෝදනා කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ආකාරයෙන් කටයුතු නොකර තනතරෙන් ඉවත්වෙන ලෙස පවසන විඩියෝවක් සංසරණය වීම සම්බන්ධයෙන් ඔහුව කුරුදුවත්ත පොලීසියට කැඳවා ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය කරන චෝදනා අතර පැවසෙන්නේ එම මෙට්ට මිලදී ගැනීම විවේචනය කිරිම.මෙට්ට ජනමාධ්‍ය ඉදිරියේ විවෘත කර පෙන්වීම සහ අමාත්‍යවරයාට බැන වැදීම බව කුරුදුවත්ත පොලිසියට ගොස් පැමිණෙන තන්තිරිගේ පවසයි.එහෙත් තන්තිරිගේ කරන චෝදනාව පුද්ගල කේන්ද්‍රීයව නොගෙන අපි මේ සටහන මුලදී ඔහු දක්වන කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.තමන්ගේ අමාත්‍යංශයෙන් වැඩි මුදලකට මෙට්ට මිලදී ගැනීමක් සිඳුව ඇද්ද?එය තමන්ගේ කීර්ති නාමයට හානයක් බව තේරුම් ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා තන්තිරිගේව කැඳවා ඒ ගැන සාකච්ඡා කළ යුතුය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විහේෂ කමිටුවක් මඟින් ලක්ෂ ගණනකට අලෙවි කර ඇති මෙට්ටය ප්රමිත්යෙන් තොරද යන්නත්,එය ආබාධ වපුරන එකක් ද යන්නත් සොයා බැලිය යුතුය.නිරෝගී ජනතාවක් වෙනුවට උස පනින අය ආබාධිත අය කිරීමේ අවශ්‍යයතාවයක් රජයට නොමැති බව අපි විශ්වාස කරමු.
තන්තිරිගේට එසේ චෝදනා කරන්නට අයිතියක් ඇද්ද?
දේශපාලනිකව ගත් විට ක්‍රීඩා අමාත්‍යවරයා පමණක් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි බව සිතනවානම් එය පිස්සුවකි.තන්තිරිගේලා ද ජාතික ජන බලවේග ආණ්ඩුවක් ගෙන ඒම සඳහා කළ කැපවීම් බොහෝය.ඒ කැපවීම් ද ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම සුගත් තිලකරත්න නියෝජ්‍ය ඇමතිවරයාට ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට දායකත්වය දැක් වූ එ්වාය.අමාත්‍යංශය මේ මෙට්ට ගැන මිල සොයන්න සහ ප්‍රමිතිය ගැන සිතන්න කාලය වැය නොකර තමන්ට අසාධාරණයක් ඇමතිට අපහාසයක් වූ බවට පොලිසියට ගියත්,ඇත්ත කතාවේදී තන්තිරිගේ ලා ද මේ ආණ්ඩුව පත් කරන්න ඡන්දය දෙන්න යැයි මිනිස්සු පෙළඹ වූ අයය.ඔවුන්ට ද මෙවැනි ගැටළුවලදී උඹළා අපේ ඡන්දෙත් අරං දීලා ගෙනාපු ආණ්ඩුව කරන හැටි….. කියමින් අමාත්‍යවරයාට නොව තන්තිරිගේලාට ද බනින අය ඇත.
මේ ඇත්ත අමාත්‍යංශ නිලධාරීන්ට පොලිසියට යන්න දී නිහඬව ඉන්න ඇමති දන්නේ නැත.ඔවුන් හිතන්නේ ආණ්ඩුව පිස්සුවක් කෙළියාම බැණුම් අහන්නේ ඇමතිවරු,මන්ත්‍රීවරු පමණක් කියාය.එසේම එම තනතුක් බවය.රුවලින් පිඳුම් ලද පසු අවශේෂ මිනිසුන්ට ඒ ශ්‍රී නාමයන්ට පුද්ගලයන්ට වචනයකින් හෝ විවේචනාත්මකව කතා කිරීම ඇකැප,ඇමතිවරු යනු කිසිඳු විරෝධයක් සාමාන්‍ය ජනයාට නොනැඟිය හැකි කොටසක් බවය.
සාමාන්‍ය ආකාරයට යර්ස් සර්,මරු සර් සර් තමයි ක්‍රීඩාවට ආපු හොඳම එක්කෙනා වගේ යම් ආකාරයක ප්රශස්තිමය වැණුම්වලින් ඇමතිවරු අන්දා ගැනීම ක්‍රීඩා අමාත්‍යංශයේ අද ඊයේ සිඳු වූ දෙයක් නොවේය.ඒ සාමාන්‍ය තත්ත්වයය.එයින් ඇඳ ගත් පසු,තමන්ගේම සහෝදර පුහුණුකරුවෙකුට විරුද්ධව හෝ ඇමතිට පක්ෂ වීමෙන් ලැබෙන වරදාන වරප්‍රසාද ගැන ඉව ඇති රස ඇති අය ද මේ මොහොතේ තන්තිරිගේ මතු කරන කාරණාවට විරුද්ධව යමින් අදහසක් කීමට ඉඩ ඇත.ලංකාවේ කවදාවත්ම සිඳු නොවුණ ආකාරයට රට පුරා උස පනින්න හදන ඇමතිවරයාගේ මෙහෙයුම උසම තැනක තියා තමන්ට ද යමක් කර ගත හැකියි සිතන පිරිස් තන්තිරිගේ ඇමතිවරයාට අවශ්‍යය පරිදි දඬුකදේ ගැසීමට අල්ලා සිටින්නට පෙරට එනු ඇත.ඒ රටේ හැටිය.ප්‍රභූ උණ යනු සුව කරන්නට අපහසු ලෙඩකි.
අප අසන්නේ සරල කාරණයකි.ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ ඉහළ නිලධාරීන් කවරෙකු හෝ පහත සඳහන් ආකාරයේ ප්‍රමිතියෙන් යුතුුව මේ මෙට්ට තිබෙනවාද යන්න පැහැදිළි කරනවානම් වැදගත්ය.
ප්‍රමිතිය සළකා බැලීම සඳහා
උස පැනීමේ මෙට්ට යනු උස පැනීමේ ඉසව්වල තරඟ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්ෂිත සහ කුෂන් කළ ගොඩබෑමේ මතුපිටක් සැපයීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත මෙට්ට වේ. මෙන්න ප්‍රධාන පිරිවිතර කිහිපයක්:
- ඝනකම: සාමාන්‍යයෙන් මීටර් 1-1.5 (අඩි 3-5) ඝනකම
- ද්‍රව්‍ය: ඉහළ ඝනත්ව පෙන හෝ පොලියුරේතන් පෙන
- ඝනත්වය: 25-35 kg/m³ (1.6-2.2 lb/ft³)
- ප්‍රමාණය: සම්මත ප්‍රමාණය මීටර් 3×5 (අඩි 10×16), නමුත් වෙනස් විය හැක
- ආවරණය: කල් පවතින, ජල-ප්‍රතිරෝධී ආවරණය, බොහෝ විට ලිස්සා නොයන පතුලක් සහිත
- කම්පන අවශෝෂණය: බලපෑම සහ තුවාල අවදානම අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇත
උස පැනීමේ මෙට්ට වල ජනප්‍රිය වර්ග කිහිපයක් ඇතුළත් වේ:
- ෆෝම් බ්ලොක් මෙට්ට: ස්ථර ෆෝම් බ්ලොක් වලින් සාදා ඇත
- සිදුරු කරන ලද ෆෝම් මෙට්ට: වාතාශ්‍රය සඳහා සිදුරු කරන ලද සිදුරු විශේෂාංගය
- දෙමුහුන් මෙට්ට: පෙන සහ වසන්ත මූලද්‍රව්‍ය ඒකාබද්ධ කරන්න
උස පැනීමේ මෙට්ටයක් තෝරාගැනීමේදී, පහත සඳහන් සාධක සලකා බලන්න:
- ආරක්ෂිත ප්රමිතීන් (උදා: IAAF හෝ NFHS අනුකූල)
- කල්පැවැත්ම සහ නඩත්තුව
- ක්‍රීඩක සුවපහසුව සහ කාර්ය සාධනය
ඉතිහාසයේ එක් අවස්ථාවක මෙවැනි මෙට්ට වගයක් අමාත්‍යංශයට ඉදිරිපත් වූ අවස්ථාවක වර්ථමානයේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සිටින අධ්යක්සවරයා වන සජිත් ජයලාල්,එම මෙට්ට අදාළ වන ක්‍රීඩාව කරන ක්‍රීඩකයින් ගෙන්වා එම මෙට්ටවල තත්ත්වය විමසා බැලීය.එය ගුණාත්මක මට්ටමෙන් නොතිබි බැවින් හරවා යැවීය.අමාත්‍යවරයා තාවකාලිකව ක්‍රීඩාව පාලනය කරන්නට ආ කෙනා ලෙස මේ ඉතිහාස කතා නොදන්නා බව අපි දනිමු.අමාත්‍යංශයේද ඒවා දන්නා අයද නොදන්නා අය ද සිටියි.දන්නා අය බොහෝ දෙනෙක් අමාත්‍යවරයා හා ගැටෙනවානම්,සිය මතය ඉදිරිපත් නොකරයි.සර් තමයි මරු ඒක එහෙමයි වෙන්න ඕනි වගේම සර් තමයි ඉස්සෙල්ලම ඔහොම වැඩක් කළේ කියා අන්දන්න ද ඉදිරිපත් වෙති.මේ අපූරු අමාත්‍යංශයේත් ලංකාවේ ක්‍රිඩා ලෝකයෙත් දිග පළල තමන්ගේ අවශ්‍යයතාවයන්ට අනුව මැන දෙන පිරිස් සමඟ මම මාරයි කියා සිතන ඇමතිවරයාට අධික විශ්වාසය නිසා සිඳුවන වැරදි නොහැඟෙයි.විශේයෙන් නොදනියි.
අපි තන්තිරිගේ කියන ප්‍රමිතිය සහ මිලදී ගැනීමේ මිල නිසා දූෂණයක් සිඳු වී ඇති බවට වන චෝදනා ගැන විමසා බැලීමට බිමට බසින්න යැයි අමාත්‍යවරයාට යෝජනා කරන්නෙමු. අමාත්‍යවරයා, තන්තිරිගේ වෙනත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින බවට සිය කතාවෙන් ඉඟී කිරීම තුළින් නිගමනය කරන්නේ විරුද්ධ වීමේ අයිතය වෙනුවට ආණ්ඩුවට වැඩ කරානම් ඕනෑම වරදක් නොදැක්කා සේ සිටිය යුතු බව නම් ඒ ගැන අපි කණගාටු වන්නෙමු.


