BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

Date:

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසකට චීනයේ සුපිරි සංචාරයක් ලබාදී තිබුණු බව අපි මීට පෙර වාර්තා කළෙමු.

චීනයේ පිහිටි අතිදැවැන්ත BYD නිෂ්පාදන කර්මාන්තශාලා නැරඹීමට සහ BYD වාහන පිළිබඳ දැනුවත්කිරීම් රැසකට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව හිමිවූ අතර සුපිරි හෝටල්වල නවාතැන් පහසුකම් ලබාදී ඉතාම ඉහළින් සංග්‍රහ කර මුදලින් ද අනුග්‍රහ දක්වා තිබුණු බව සඳහන්.

ඊට අමතරව මේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් පිරිසකට ශ්‍රී ලංකාව තුළ BYD වාහන මිලදී ගැනීමේදී විශාල වට්ටමක් ලබාදීමට ද BYD සමාගම කටයුතු කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව වෙළඳපොලේ මිලට වඩා සෑහෙන තරම් අඩු මුදලකට BYD වාහනයක් මිලදී ගැනීමට හෝ ගැනුම්කරුවකු සම්බන්ධ කරගෙන තමන්ගේ වට්ටමෙන් වැඩි ප්‍රතිශතයක් මුදල් වශයෙන් ලබාගැනීමට මේ ඔස්සේ ඔවුන්ට ඉඩ සැලසී ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

BYD සමාගම මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසකට සුපිරි සැලකිලි ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ BYD වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී මෙරට නියෝජිත ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති බදු වංචාව පිළිබඳ ආන්දෝලනය සහ ඒ හරහා BYD සමාගමට සිදුව ඇති අපකීර්තිය සමනය කරගැනීමේ අරමුණින් බව ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇත.

BYD විදුලි වාහන ඇතැම් මාදිලි මෙරටට ආනයනය කිරීමේදී ඒවායේ මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් තීරුබදු ගෙවා නිදහස් කරගැනීමට කටයුතු කර ඇතැයි ජෝන් කීල්ස් CG ඔටෝ සමාගමට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගයක් ද සිදුවෙමින් පවතී. මෙම තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව විසින් අවස්ථා කිහිපයකදී BYD විදුලි වාහන තොග රේගුවේ රඳවාගත් අතර ජෝන් කීල්ස් CG ඔටෝ සමාගමට එම වාහන තොග නිදහස් කරගැනීමට හැකිවූයේ රුපියල් බිලියන ගණනක බැංකු ඇපකර රේගුවට ලබාදීමෙන් අනතුරුව ය.

කෙසේවෙතත් මේ වනවිට මාස කිහිපයක් ගතවී ඇතත් මෙම වාහනවල මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව පත්කළ කමිටුවේ වාර්තාව තවමත් නිකුත් වී නොමැත. BYD සමාගම මෙරට මාධ්‍යවේදීන් සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට ලබාදුන් චීන සවාරිය ද උපරිමයෙන් ඵලදරා ඇති බව පෙනෙන්නේ රජයට හිමිවිය යුතු රුපියල් කෝටි 1000කට අධික බදු ආදායම සම්බන්ධයෙන් දැන් කිසිවකුත් කතා නොකරන නිසා ය.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, බිඳවැටුණු යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් මුදල් අත්‍යාවශ්‍ය වී ඇති පසුබිමක් තුළ පවා මෙතරම් දැවැන්ත බදු ආදායමක් කඩිනමින් අයකර ගැනීමට කිසිවකු හෝ උනන්දු නොවීම විමතියට කරුණක් බවත් ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...