සටහන – රුවන් නෙළුගොල්ල
මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.
හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි අන්තෝනි චාල්ස් නොහොත් ‘චාලා‘ නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් පැමිණ ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
මෙහි වෙඩික්කරු බවට හඳුනාගත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සාමාජිකයෙකු වන අතර සෙසු සැකකරුවන් තිදෙනා කැලණිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


