නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:
ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද එස්’තෝමස් ව්‍යායාම ශාලාවේදී පැවති ප්‍රවීනයන්ගේ තරගාවලියේදී බටර්ෆලයි ක්‍රීඩා සමාජය කැපී පෙණෙන දස්කම් දක්වනු ලැබුවා.ඒ අතරින් අයෝමි අළුවිහාරේ කැපී පෙණෙන දස්කම් දැක් වූ අතර ඇයට අවුරුදු 50 න් ඉහළ ත්‍රිත්න සූරතාවය නූලෙන් මඟ හැරී ගියා.අයෝමි ඒකල සහ යුගල තරග දෙකම ජය ගැනීමෙන් පසුව බටර්ෆලයි සාමාජිකයෙකු වන සරත් රත්වත්තේ සමඟ මිශ්‍ර යුගල සූරතාවයේ අවසාන තරගයට ද පිවිසියා.එහිදී වට 5 ක් දක්වා දිගු වුණ තරගයෙන් 2-3 ක් ලෙස පරාජයට පත් වුව ද,තීරණාත්මක පස්වන වටයේදී ද අවසාන මොහොත දක්වාම විශාල සටනක් ලබා දීමට සමත් වුණා.

අවුරුදු 60 න් ඉහළ පිරිමි අංශයේ ක්‍රීඩකයෙකු වූ රත්වත්ත අවුරුදු 50 න් ඉහළ මිශ්‍ර යුගල අවසාන තරගයට පිවිසි අයුරෙන්ම අවුරුදු 60 න් පහළ යුගල අවසාන තරගයේදී බටර් ෆ්ලයි සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා සමඟ ද අවසාන තරගය දක්වා පැමිණෙමින් කැපී පෙණුනා.


