පුටාර් එකෙන් ගමන් යන්න ලෑස්ති වෙන්න – උදය ගම්මන්පිල

Date:

ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ.

ඉන්ධන හිගයක් ඇති වුවහොත් ගබන් බිමන් යාම සඳහා පාපැදි සහ බක්කි කරත්ත භාවිතා කිරීමට සිදුවනු ඇති බවත්, කෙසේ වෙතත් බක්කි කරත්ත සඳහා භාවිතා කරන ගොණුන් නොමැති නිසා පාපැදිය එකම ප්‍රවාහන මාධ්‍යය වනු ඇති බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ පාපැදියකින් යා හැකි උපරිම දුර පමණක් ගමන් කිරීමට ජනතාවට සිදුවනු ඇති බවයි.

පරිප්පු නොමැති නම් මුංඇට වැනි ධාන්‍ය වර්ගද අර්තාපල නොමැති නම් බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ගද ආදේශක ලෙස භාවිතා කළ හැකි නමුත් ඉන්ධන සඳහා ආදේශක නොමැති බැවින් රට සතුව තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය ඉන්ධන සඳහා භාවිතා කිරීමට සිදුවනු ඇති බවද ඇමතිවරයා පවසනවා. එසේ නොමැති නම් ප්‍රමාණවත් පරිදි ඩොලර් සපයා ගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉන්ධන හිගයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනතාව දැන් සිටම අල්පෙච්ඡ, සරළ ජීවිතයකට අනුගත වීමට සිදුවන බවත්, විදේශ විනිමය නාස්ති කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමෙන් වැළකී සිටීමට සිදුවන බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් බැවින් තමාද හැකිතරම් අනවශ්‍ය වියදම් කපාහැර සරල ජීවිතයකට හුරු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...