අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත්ව නොමැතිවීම හේතුවෙන් තම පක්ෂය මෙම තීරණයට එළඹි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මතභේදාත්මක ඉගෙනුම් මොඩියුල ඉවත් කරන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක ඒ වෙනුවෙන් ඇයව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන පළිගැනීමක් ලෙස තම පක්ෂය සලකන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒඅනුව අදාළ විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවද ඊට පක්ෂව කටයුතු කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හැකියාවක් නැති බවයි ඔහු පවසන්නේ.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පිළිබඳ විවිධ විවේචන පැවතියද පුද්ගලිකව කාන්තාවකට එරෙහිව ගෙනයන අපහාසාත්මක ක්‍රියාවලට තම පක්ෂය හවුල් නොවන බවද මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා කියා සිටියි.

කෙසේවෙතත් රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කරයි. ලෝකයේ සෙසු රටවල්වල මෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික අධ්‍යාපනයට නිසි වැදගත්කමක් ලැබී නැති බවත් ඒ නිසාම මෙරට ප්‍රාථමික අධ්‍යාපනය පසුගාමී තැනක පසුවෙන බවත් ඔහු පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව සමඟි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට ප්‍රකාශ කර ඇති අතර මේ දිනවල ඊට මන්ත්‍රී අත්සන් ලබා ගැනීම සිදුවෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...