අල්-කයිඩා නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

Date:

ඇෆ්ගනිස්ථානයේ අල්-කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයා මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

71 හැවිරිදි අල් සවාහිරි රැඳී සිටි, කාබුල් නගරයේ පිහිටි ආරක්ෂිත නිවසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර මෙම ප්‍රහාරයෙන් අදාල නිවසට බරපතල හානි සිදුව තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වනවිට සවාහිරි නිවසේ බැල්කනියේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී එවකට අල්-කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන්, පකිස්තානයේ රැඳී සිටියදී ඇමරිකානු ප්‍රහාරයකින් මරණයට පත් වූ අතර ඉන්පසු බින් ලාඩන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස අල් සවාහිරි පත් විය.

අල් සවාහිරි වසර ගණනාවක සිට ඇමරිකාව විසින් අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතර අවස්ථා ගණනාවකදී ඇමරිකාව අල් සවාහිරි ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරීය. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානතම සැළසුම්කරුවන් දෙදෙනා බින් ලාඩන් සහ අල් සවාහිරි බවට ඇමරිකාව විස්වාස කළේය.

අල්-කයිඩා නායකයාගේ ඝාතනය පිළිබඳව දැනුම්දෙමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙන්නේ ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සැළසුම් කළ අල්-සවාහිරි අතිශය භයානක ත්‍රස්තවාදියෙක් බවයි. ඔහු තවදුරටත් ජීවත්ව නොසිටින බවත්, ඔහුගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් දිවි අහිමි වූ ඇමරිකානුවන්ට සාධාරණය ඉටු කිරීමට සමත් වූ බවත් ඔහු පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...