පොහොට්ටුවේ ආධිපත්‍යය සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවකින් වැඩක් නෑ – සුමන්තිරන්

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ අර්බුදවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඉතා යහපත් තීරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. කෙසේ නමුත් අර්බුද විසඳීමට සමත්, සියලු පාර්ශ්වයන්හි නියෝජනයක් සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවනු ඇතැයි විස්වාස කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ බහුතරය පොදුජන පෙරමුණේ කණ්ඩායම බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා පවසන්නේ, පොදුජන පෙරමුණේ ආධිපත්‍යය සහිත ආණ්ඩුවක් බිහිවනු ඇති බවයි. එවැනි ආණ්ඩුවක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවද මන්ත්‍රීවරයා පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සීමිත කණ්ඩායමක් පමණක් ඊට ඇතුළත් වියයුතු බවත්, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලට වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බවත් සුමන්තිරන් මහතා සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්නේ නම් එය අවංක හා යුක්තිගරුක ආණ්ඩුවක් වියයුතු බවත්, ජනතා ප්‍රසාදය හා ජනවරම අහිමි කරගත් පොදුජන පෙරමුණේ ආධිපත්‍යය යටතේ එවැනි අවංක හා යුක්තිගරුක පාලනයක් බිහිකළ නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...