ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා , ලබන 22 වැනිදා ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණු නමුත්, එම රැස්වීම කල්දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන්ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තුමේන්තුව පිළිබදව ඔවුන් සාකච්ඡා කිරිමට බලාපොරෝත්තු වන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...