අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: “අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, අද (13) ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවයි එහිදී ජනාධිපතිවරයා සහතික කර පැවසුවේ.

ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදුවු නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවද හෙතෙම සඳහන් කරන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 24ක් ආපදාවට පත් වූ අතර නිවාස 6,000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුව තිබේ. නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවද එහිදී ජනාධිපතිවරයා කියාසිටියේය.

පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් මෙම ‘REBUILDING SRI LANKA’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

‘REBUILDING SRI LANKA’ වැඩසටහන සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් ද ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලදී.

ඒ අනුව මෙම වැඩසටහන හරහා එම ජනතාවගේ මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සදහා මඟපෙන්වීම සිදු කරනු ලබන අතර ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා ද මෙම වැඩසටහන තුළින් මඟපෙන්වීම සිදු කරනු ලබයි.

එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ උප කමිටු පිහිටුවීමටද නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...