ධම්මික කැබිනට්ටුවට නෑ. ආර්ථිකයට සම්බන්ධ වෙනත් ඉහළම තනතුරක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා පත්කෙරෙනු ඇති බවට මුලින් වාර්තා වී තිබුණත් මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සකස් කෙරෙන විශේෂ යාන්ත්‍රණයක ප්‍රධාන තනතුරක් ඒ මහතාට හිමිවනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සකස් කෙරෙන “ආර්ථික සංවර්ධන කමිටුවේ” සභාපති ධුරයට ධම්මික පෙරේරා මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ ආර්ථිකයේ සියලුම අංශ ආවරණය වන පරිදි ඒවා නිරීක්ෂණය කරමින් අධීක්ෂණය කිරීමත්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත්, රටට ඩොලර් ආදායම් උපයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම හා අලුතින් බිහිකිරීමත් යනාදී වශයෙන් වගකීම් රැසක් ආර්ථික සංවර්ධන කමිටුවට පැවරී තිබේ.

එසේම ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට කැබිනට් බලතල ද හිමිවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...