චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට දිවයිනට

0
321

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නිළ සංචාරයක් සඳහා හෙට (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමත් සමග චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බැවින් මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සංචාරයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

චීනය මෙන්ම ඉන්දියාවද ශ්‍රී ලංකාව තුළ සිදු කරන මැදිහත්වීම සම්බන්ධයෙන් රටවල් දෙකම දැඩි අවධානයෙන් පසු වේ. මෙරට සිටින චීන තානාපතිවරයා පසුගිය මාසයේදී උතුරු පළාත පුරා සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුර ජනතාවගේ යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති කිහිපයක්ද ආරම්භ කර තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here