ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

Date:

email sharing button

sms sharing button

sharethis sharing button 

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW:

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අයර්ලන්තය හමු වූ ශ්‍රී ලංකාව එම තරගය ද පහසුවෙන් ජය ගන්නට සමත් වුණා.ලකුණු 106 ක පරතරයකින් ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. නැමීබියා අගනුවර පැවති මේ තරගයේදී ද පළමු තරගයේදී මෙන්ම පන්දුවට පළමුව පහරදීමේ අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකාවටයි.ජපාන තරගයේදී කාසියේ වාසිය ඔවුන් ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළත්,අයර්ලන්තය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලබා ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.


පළමු තරගයේදී වාර්තාගත සබඳතාවයක් තැබූ විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන දෙදෙනාටම ඉක්මණින් පිටියෙන් ඉවත් වෙන්නට සිඳු වුණා.15 වන ඕවරය වන විට ශ්‍රී ලංකාවට කඩුලු 3 ක් අහිමිව තිබුණේ ලකුණු පූවරුව 59 ක් ව තිබියදීය.නායක විමත් දින්සර වගකීම සිය දෙ‘උර මත තබාගෙන සටන් කිරීම අරඹද්දී උප නායකයා ලෙස කවීජ ගමගේ ද ඊට එක් වුණා.ඒ අනුව සිව්වන කඩුල්ල සඳහා ලකුණු 80 ක සබඳතාවයක් පවත්වන්නට විමත් (95) සහ කවීජ (49) සමත් වෙනවා.


එම සබඳතාවයෙන් ඉහළට එසැවුණ ශ්‍රී ලංකාව අවසානයේ ලකුණු 267 ක් දක්වා රැඟෙන යන්නට විමත්ට හොදම සහය ලබා දුන්නේ චාමික හීනටිගලයි.ඔහු ලකුණු 51 නොදැවී රැස් කළ අතර විමත් සහ චාමික පස්වන කඩුල්ල වෙනුවෙන් පැවත්වූ සබඳතාවය ලකුණු 100 ක් ලෙස සටහන් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට ස්ථාවරවීම සඳහා අවස්ථාවක් ලබා නොදෙමින් මුල සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හැසිරුණා.කලම් ආම්ස්ට්‍රෝන් ලබා ගත් ලකුණු 39 අයර්ලන්ත පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සේ සටහන් වුණා.නායක ඔලිවර් රිලේ (31) සහ රිවුබන් විල්සන් (32) අනතුරුව ලකුණු 30 සීමාවට හෝ පිවිසි පිතිකරුවන් වූ අතර පන්දු යැවීමේදී දුල්නිත් සිගේරා ලකුණු 19 ට කඩුලු හතරක් සහ රසිත් නිම්සර ලකුණු 29 ට කඩුලු 3 ක් ලබා ගැනීමෙන් අයර්ලන්තය අසරණ තත්ත්වයට ඇඳ දැමුවා.


අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයට වඩා අසීරු තත්ත්වයකින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අයර්ලන්තය මේ තරගයේදී මුහුණ දුන් බව පැහැදිළිව දකින්නට ලැබුණු අතර දක්ෂ පිතිකරුවන් රැසක් සිටින ශ්‍රී ලංකාව ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරමින් ඉදිරියේදී මුල පෙළ පිතිකරුවන් කිහිප දෙනෙකු එකවර සාර්ථකවෙමින් අඛණ්ඩව එම තත්ත්වය කළමණාකරනය කරගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
පහතින් තරගයේ ලකුණු සටහනට පිවිසිය හැකියි.
https://bit.ly/4sNwoaH

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...