නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය ගිය දවසේ පටන් මාතෘකා දෙකක් යටතේ බරපතල සමාජ සංවාදයක් නිර්මාණය වුනා.එක සාකච්ඡාවක් උනේ නන්දන මැරුණාද,මැරුවාද කියන සංවාදයයි.අනිත් සංවාදය නන්දන කවුද කියන එකයි.ඇත්තටම මේ සංවාද දෙකම තවම අවසන් නෑ.ඒ වගේම දීර්ඝ කාලයකට අවසන් වෙන එකකුත් නෑ.මොකද මේ දෙකටම තවමත් අවසන් උත්තරයක් ලැබිලා නෑ. නන්දන මැරුවාද,මැරුණාද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න සංවාදයෙන් ඔබ්බට ගිහින් සාධාරණ විමර්ශනයක් කරන්න ඕනි.
මාලිමා ආණ්ඩුව තියෙනකම් අපට සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු වෙන්න බෑ.හැබැයි අපට තියන එකම සුභවාදී බලානොරොත්තුව තමයි මාලිමා ආණ්ඩුව තව වැඩි දවසක් තියෙන්නේ නෑ කියන විශ්වාසයි.නන්දනට යුක්තිය ඉෂ්ඨ කර ගැනීමේ සටන මොනම තත්වයක් යටතේවත් අපි අතාරින්නේ නෑ.අද රටේ රාළ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.සමාජ තුල පැන නැගුන නන්දන කවුද කියන සාකච්ඡාව ගැනයි.රටේ රාළත් විශ්වාස කරනවා ලාංකික සමාජය විසින් නන්දනව නැවත කියවා ගන්න ඕනි කියලා.
(මංගලගේ අවසන් කටයුතු කරපු දවසෙත් රටේ රාළ මෙහෙම සටහනක් ලිව්වා.)
නන්දන ගැන ජවිපෙ කියවීමෙන් පටන් ගත්තොත්. ජවිපෙ වෙනුවෙන් දිවි පිදු 60000ක් සාමාජිකයින්ගේ මළමිනී විකුණාගෙන කෑම වෙනුවෙන් වාර්ෂිකව සමරණ ඉල් මහ විරු සමරුවේදී පැලවත්තේ ගුරුන්නාසේ කිව්වා ජවිපෙ කවදාවත් ද්‍රෝහීන්ට සමාව දෙන්නේ නෑ.ඒක ජවිපෙ ප්‍රතිපත්තියක් කියලා.ගුරාගේ ඒ කතාවට අනුව නන්දන කියන්නේ ද්‍රෝහියෙක්.ජවිපෙ නීතියට අනුව ද්‍රෝහීන්ට දඬුවම මරණය.2006 දී ජවිපෙන් අයින්වෙලා ජවිපෙට එරෙහි මතවාදී දේශපාලනයක නිරතවුන නන්දන පිටිපස්සෙන් ජවිපෙ ඝාතන කල්ලිය අවුරුදු 19 ක් තිස්සේ පන්නගෙන ඇවිත් තියනවා.
නන්දනගේ වචනවලට අනුව හතුරාට සියවතාවක්ම වැරදිලා එක වතාවක් හරිගියා වෙන්නත් පුළුවන්.නත්තං නන්දනට මේ තරම් ඉක්මනට ජීවිතයෙන් සමුගන්න සාධාරණ හේතුවක් නෑ.නන්දනට මාරාන්තික ලෙඩක් තිබුණේ නෑ.ජවිපෙ ගුරුන්නාන්සේ නන්දන ද්‍රෝහියෙක් විදිහට නම් කළාට පස්සේ අනිත් දේශපාලන පගරනැට්ටෝ කළේ නන්දන ඊටත් පහලට දැමීමයි.
නන්දන අනුර වගේ 88/89 පැනලා ගිය බය ගුල්ලෙක් නෙවෙයි,නන්දන ජවිපෙ ගුරුන්නාන්සේ වගේ අත්දෙකම උස්සලා යටත්වෙලා තමන්ගේ සගයින් පාවලා දුන්න තක්කඩියෙක් නෙවෙයි, නන්දන විජිත වගේ බිල්ලට ගිහිල්ලා සඟයන් පාවා දුන්න නිවටයෙකුත් නෙවෙයි.හැබැයි අද ඒ නිවට කඳූවුරේ දේශපාලන හිගන්නෝ නන්දනට හිඟන්නා කියලා කියනවා.ඔව් නන්දන දුප්පතෙක් තමයි.ඒ උන් වගේ නන්දන හොරකම් නොකරපු හින්දයි. නන්දන DCවලට ගිහින් කෙහෙල් කැන්,හාල් පොල් එකතු කරලා ගෙදර ගෙනියපු කෙනෙක් නෙවෙයි. තනියෙන් උනත් නැගිටින්න පුළුවන් මිනිස්සු හදපු නායකයෙක්.නන්දන දේශපාලන දැනුමෙන්, අරමුණෙන්,ප්‍රතිපත්තිවලින් හිඟන්නෙක් නෙවෙයි.
නන්දන මිය යනවිට එජාප පාක්ෂිකයෙක්.හැබැයි නන්දන එජාප පක්ෂිකයෙක් කියලා රටේ රාළට කවදාවත් දැනුනේ නෑ.මෙතනදී තමයි නන්දනගේ කියවා ගත යුතු විශේෂය තියෙන්නේ.සමහරු නන්දන ගැන කියලා තිබුණේ නන්දන එක එක්කෙනා වෙනුවෙන් පාව්චිචි වුනා කියලා.විමල් රාජපක්ෂලා වෙනුවෙන් පාවිචිචි උනා කියලා කවුරු හරි චෝදනාවක් කළොත් ඒක හරි උනත් වැරදි ඒකට සමාජ පිලිගැනීමක් තියනවා.හැබැයි නන්දන රනිල් වෙනුවෙන් පාවිචිචි උනා කිව්වොත් ඒක කවුරුත් පිලිගන්නේ නෑ.
එකක් රනිල්ට නන්දන පාවිචිචි කරන්න උවමනාවක් තිබ්බෙත් නෑ.නන්දනටත් රනිල් වෙනුවෙන් පාවිචිචි වෙන්න උවමනාවක් තිබ්බේ නෑ.හැබැයි නන්දන එජාප සාමාජිකයෙක් විදිහට ඉන්දැද්දී නන්දන එයාගේ දේශපාලන අරමුණ වෙනුවෙන් වෙනත් පක්ෂවල අය,සමාජ ක්‍රියාකාරීන් පාවිචිචි කර ගත්තා.ඒ එජාපය වෙනුවෙන්වත් එයාගේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන්වත් නෙවෙයි,සමාජ යුක්තිය වෙනුවෙන්.නන්දන එජාපයේ හිටියත් එතනදී නන්දනගේ අරමුණ සහ අපේ අරමුණ සමපාත වෙනවා.ඒකයි රටේ රාළට නන්දන යුඑන්පී කාරයෙක් කියලා දැනෙන්නේ නැත්තේ.
එකයි චම්පිකට,ගම්මන්පිලට නන්දන යූඑන්පී කාරයෙක් කියලා දැනුනේ නැත්තේ.ඒ විතරක් නෙවෙයි විපක්‍ෂ නායක සජිත්ටවත් නන්දන යූඇන්පියට අයිති කෙනෙක් කියලා දැනුනේ නෑ. නන්දන මිය ගිය පණිවිඩය එලිවෙන අතේ ආවේ නන්දනගේ නංගිට සහ රටේ රාළට.රටේ රාළ නන්දනගේ නංගිත් එක්ක කතා කරගෙන එසැනින් කතා කළේ චම්පිකට සහ ජපුර විදේශ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ට, අනුරුද්ධ ලංකාවේ හිටියේ නෑ.හැබැයි answer කළා.
නන්දන අයියාගේ අවසන් ඉල්ලීමක් සහ ඊට ඇති බාධක ගැන අපි ඒ වෙලාවේ කතා කරගෙන අවශ්‍ය උනොත් තවදුරටත් උපදෙස් ගන්න චම්පික සහ අනුරුද්ධ දුරකථන අංක දෙකක් ලබාදුන්නා.රටේ රාළ චම්පික කතා කරද්දී චම්පිකට නන්දනගේ මරණය සම්බන්ධව පණිවිඩය ලැබිලා තිබුණා. ඇත්තටම චම්පික ඇලට් එකේ හිටියා.ඇත්තටම චම්පිකටවත්,අනුරද්ධටවත් නන්දන දැනුනේ හුදු UNP කාරයෙක් විදිහට නෙවෙයි.ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ සම්බන්ධව අධීක්ෂණය කීරීමේ ගෝලීය මධ්‍යස්ථානයෙන් නන්දනගේ ආදාහනය භූමිදානයක් බවට කරන්න කිව්වාට පස්සේ ඒ පිලිබඳ නීතිමය උපදෙස් ගන්න අපි කතා කළේ උදය ගම්මන්පිලට.
ගම්මන්පිල අවශ්‍ය ස්ථානවල කතා කරලා සියල්ල කරලා දුන්නා.ඒ ගම්මන්පිලට නන්දන හුදු UNP කාරයෙක් විදිහට දැනෙන්නේ නැති නිසයි.රටේ රාළත් එක්ක සම්බන්ධයක් නැති උනත් විමල් සහ ජයන්ත සමරවීර මැදිහත් වෙලා අවසන් කටයුතු සංවිධානය කිරීමේදී ලොකු වැඩ කොටසක් කළා. ඇත්තටම නන්දන ලෙඩවෙලා නන්දන බලන්න විමල් ගියහම නන්දන ගොඩක් සතුටු වුනා.නන්දන ඒ සතුට බෙදාගත්තේ රටේ රාළත් එක්ක.එතනදී ජෙප්පෝ වගේ වෛරී දේශපාලනයක් අපේ නෑ කියලා විමල්,ජයන්ත ප්‍රමුඛ ජානීපෙය පෙන්නුවා.
ඒ වගේ විපක්‍ෂ නායක සජිත්ගෙන් උදව් ඉල්ලමු කියලා කිව්වේ රටේ රාළගේ විදෙස් මිත්‍රයෙක් උන නිතිඥ ජනක ජීරිස්.ඇත්තටම අපි දෙන්නා කතා කරලා ඒ පණිවිඩය සජිත්ට දීලා,සජිත් එයාට ආපහු කතා කරලා,නන්දනගේ නංගිගේ නම්බර් එක අරගෙන එයාට කතා කරලා මැදිහත් වෙන්න විනාඩි දහයක්වත් ගියේ නෑ.එහෙම වෙන්නේ නන්දන ගැන සජිත්ට තිබුණ අදහස් එක්ක මිසක් නන්දාගේ ලොකු පුංචි කමකට නෙවෙයි.
ඒ වගේම දිලිත් ජයවීර,රවී කරුණානායක,දයාසිරි ජයසේකර,රාජිත සේනාරත්න,නවින් දිසානායක වගේ අය කතා කරලා ඇහුවේ කෙරෙන්න ඕනි මොකද්ද කියලයි.ඒ සියලු දෙනා රටේ රාළ නන්දනගේ නංගිට සම්බන්ධ කරලා දුන්නා.රනිල් රටේ රාළට කතා කරලා ඉදිරියට අවශ්‍යදේ කරනවා කියලා කිව්වා.නන්දනට ප්‍රතිකාර කරපු විශේෂඥ වෛද්‍යරියකගේ Facebook සටහනක් රටේ රාළ දැක්කා.එයා දවස් කීපයක් ඇතුලත නන්දනව කියවාගෙන තිබුණ බව ඒ සටහනෙන් තේරෙනවා. ඒ වගේම තවත් එක අවස්ථාවක වෛද්‍යවරයෙක් කිව්වා නන්දන සතුව මහා පළල් දැනුමක් තියනවා කියලා.
ඔව් නන්දන කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. නන්දන පාවිචි වුනා කියලා කියන අයට කියන්න ඕනි නන්දන පාව්ච්චි උනේ නෑ නන්දන අනිත් අය තමන්ගේ අරමුණට පාවිචිචි කරගත්තා.ඒ සමාජ සාධාරණය වෙනුවෙන්.සමාජ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න.ඇත්තටම නන්දනට මේ තරම් වෛරය කරන ජෙප්පන්ටවත් නන්දන වෛර කළේ නෑ.නන්දනට ඕනි උනා එයා මේ වෛරය පාත්‍ර වී තියෙන විදිහට පෙන්නලා දේශපාලනය වෛරයෙන් තොරව තැනක් කරන්න.නන්දන විප්ලවය පැත්තේ නෙවෙයි හිටියේ ප්‍රතිසංස්කරණ හරහා සමාජ සංවර්ධනය කියන තැන.
අවසන් මොහොතේ හරි නන්දනව බලන්න ප්‍රේමකුමාර සහ ඕපාත ආවා.ඒක හොඳයි.හැබැයි නන්දනත් එක්ක එකට දේශපාලන මණ්‌ඩලයේ හිටපු ටිල්වින්,අනුර,විජිත,ලාල් කාන්ත අඩුම ගානේ අවසන් ගෞරව දක්වන්නවත් අවේ නෑ.නන්දනත් ඔය ජවිපෙ ඉන්න හැම නායකයම සහ රටේ රාළත් එදා රාජ්තට කිව්වි ප්‍රා දොස්තර කියලා.අපි එදා මුහුණට මුහුණ හම්බවුනා නං ඉස්සරවෙන කෙනා දිනනවා.හැබැයි ඒ ප්‍රා රාජිත නන්දනට ගොඩක් උදව් කළා.මට නිතර කතා කළා වෛද්‍ය වර්තා ගැන ඇහුවා.ප්‍රියන්ජිත් කරන්න ඕනි දේ කියන්න කියලා හැමවෙලේම කිව්වා.ඒ වගේම රාජිත නන්දන අයියගේ පවුලේ අයත් එක්ක දුක සැප බෙදා ගනිමින් ළඟ හිටියා.එහෙමවත් මනුස්සකමක් ජෙප්පෝ ළඟ තිබුණේ නෑ.ඇත්තටම ජීවත්වන නන්දනට වඩා මරා දැමූ නන්දන සිය දහස් ගුණයින් බලවත්.නන්දන දැනුත් එයාගේ ඒ අරමුණ වෙනුවෙන් සියලු දෙනා පාව්චීචි කරමින් ඉන්නවා.
නන්දනගේ අවසන් කටයුතු අවසන් වෙලා තියන මේ වෙලාවේ නන්දන කවුද කියා නැවත ආවර්ජනය කරගන්න රටේ රාළ මේ සටහන තියනවා.අන්තිමට ජෙප්පෝ ද්‍රෝහියෙක් කරන්න හදපු නන්දන වීරයෙක් වෙලා ජෙප්පෝ ද්‍රෝහීන් බවට පත්වුනා.
නන්දන ඔබට සුභ ගමන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.


