බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය අයිපීඑල් තරගාවලියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බංගලාදේශය තරහ හෝ සිය ක්‍රීඩකයා හරහා රටට කළ අවමානය පිරිමසා ගැනීමට අයිසීසී ය තෝරා ගෙන ඇත.ඒ අයිසීසී පාලනය යටතේ පවතින විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව තුළ තරග කිරීම ප්‍රතික්ෂේප කිරීමය.


මතුපිටින් බලද්දී මේ ඉසව්ව ඉන්දීය ඉසව්වක් නොව අයිසීසී ඉසව්වකි.එහෙත් එහි අභ්‍යන්තරයේ ඇත්තේ වෙනත් දේශපාලන කාරණයක් වුව ද,බංගලාදේශය මතු ආරක්සාව පිළිබඳ සැකය බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමේ කාරණය ද පදනම්ව බැහැර කිරීමේ අයිතියක් නැත.එය අයිසීසී ඔළු ගෙඩි වැඩි පැත්ත සමඟ තීරණය කිරීමට යාම භයානකය.අයිසීසී ය හැටියට ඉන්දියන් ආධිපත්‍යය යටතේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවට බංගලාදේශයට හෝ පකිස්තානයට ඇති හේතුවක් නැතුව අයිසීසී ය වෙනුවට බංගලාදේශය තෝරා ගැනීමට අයිසීසී සාමාජිකයන්ට නොහැකිය.් හේතු නිසාම මේ වන විටත බෙදීමක් ඇති වී ඇති අතර මේ ප්‍රශ්නයේදී පකිස්තානය බංගලාදේශය සමඟ එක්ව සිටගෙන ඇත.


මෙහිදී ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය ක්‍රීඩාව වෙනුවට රටේ දේශපාලනික ලැබැදියාවන් සමඟ කටයුතු කර බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමට මූලිකත්වය ගෙන ඇත.ඒ තත්ත්වය යටතේ ආණ්ඩුවේ බලය තව දුරටත් ක්‍රිකට් හරහා තවත් රටක ස්වාධීනත්වයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට හානි කර ලෙස භාවිතයට නොගෙන ඉන්දීය ක්‍රිකට් කළ යුතුව ඇත්තේ බංගලාදේශ තරග ඉන්දියාවෙන් පිට පැවත්වීම වැදගත් බව අයිසීසී යට ප්‍රකාශ කිරීමය.මානුෂික සහ ක්‍රීඩාශීලී වීම වෙනුවට නිරන්තරයෙන් ඉන්දියාව සිය රටේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රිකට් ක්‍රීඩකයින් හරහා ලෝකයට ප්‍රකාශ කරන්නට යාම නිර්ලජ්ජිත වැඩකි.එයට ඉන්දීය ක්‍රිකට් අඩගෙඩි දීම මෙන්ම අයිසීසී ය ඉන්දීය ජාතිකයෙකුගේ සභාපතිත්වය යටතේ සිට එය ඉවසා සිටීම ද නුසුදුසු ය.


මෙවැනි පසුබිමක මේ මොහොතේ අයිසීසී හැසිරීම මතුපිටින් පෙණෙන ප්‍රශ්නයට උත්තර දීම වුව ද,එහි ඇතුළත ඇති නිවී නැති ගිණි පුපුරු කොයියම් මොහොතක හෝ සක්‍රීය වීමට සූදානම් තත්ත්වයේ ඒවාය.එසේ සක්‍රීයවීමෙන් ඉනික්බිතිව එහි පැතීරීම කෙතරම් දුරට ද යන්න නිශ්චිතව කිව නොහැකිය.


මේ තත්ත්වය ඉදිරියේදී මේ තරගාවලියට සහභාගි වන ඇමෙරිකාව වැනි කණ්ඩායමක ආරක්ෂාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට වුව ලක් විය හැකි තත්ත්වයකි.එසේ වුවහොත් ඇමෙරිකානු භට කණ්ඩායම් ආරක්ෂක අංශ හරහා මේ තරගාවලියට යොමු කරන්නට උත්සාහ දරන,ඒ ඔස්සේ මත ගැටුම් ඇති කරන ලෝක භූ දේශපාලනය කළඹවන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.


ක්‍රීඩාව වෙනුවට ක්‍රීඩා පරිපාලකයන් සිය රටේ දේශපාලනය ක්‍රීඩාව තුළින් ගම්‍ය කරන්නට යාමේ අශිලාචාරකම මීට හේතු ලෙස දැක්විය හැකිය.ශ්‍රී ලංකාවට ද මේ තත්ත්වය සම්බන්ධයෙන් උදාහරණ ඇත.එහෙත් රාජ්‍ය දේශපාලනික කටයුතු සහ ක්‍රිකට් දේශපාලනය විෂයන් දෙකක් හැටියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් දී ඇත.ඇතැම් අය එය දේශපාලනික කරන්නට ගොස් පරිපාලන පද්ධතිය කඩා දමා ආර්තික වශයෙන් ක්‍රිකට් බංකොළොත් කළ අවස්ථා හරහා මේ කාරණා වෙන වෙනම පැවතිය යුතු බව ද තහවුරු කර ඇත.වැදගත්ම දේ මේ සෑම අවස්ථාවකම ලෝක පරිපාලනය රටේ දේශපාලන ව්‍යහුයට වඩා ක්‍රීඩාවේ පරිපාලනයේ ස්වාධීනත්වය විශ්වාස කිරීමය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,පාපන්දු සම්මේලනය වැනි ලෝක ආයතන සහ දේශිය පරිපාලනය සහ රාජ්‍ය දේශපාලනය අතර ඇති සබඳතාවලින් මෙවැනි උදාහරණ සොයා ගන්නට අපහසු නැත.


රටේ පරිපාලනයක උවමනාවන්ට ලෝකයම යටත්ව පවත්වා ගැනීම ක්‍රීඩාවේ දේශපාලනය විය යුතු නැත.එය නරක තත්ත්වයකි.සමහර විට ලෝක ඉතිහාසයේ රාජ්‍යයන් හී දේශපාලන අර්බූද සෘජුව ඊට සම්බන්ධතාවයක් නැති ක්‍රීඩාව පිටින් ගොස් ඇත.දුෂ්ඨ සහ මුග්ධ දේශපාලන බලපෑම් විසින් ඇති කරන ලද ව්‍යසනකාරී තත්ත්වයන්ට ගොඳුරු වූ මියුනිච් ඔලිම්පික් උළෙල මෙන්ම ලංකාවේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ විශාල පිරිසක් රටට අහිමි කළ බෝම්බ පුපුරුවා ගැනීම ද එවැනි සිඳුවීම්වලට හොඳම උදාහරණය.
මේ දේශපාලනික කාරණාවලින් රත්වෙන තැටියෙන් ආප්ප භා ගන්න බලා සිටින සන්නද්ධ දේශපාලන කල්ලි ගැන ද බංගලාදේශය සමඟින් අයිසීසී ය සහ ඉන්දියාව අවුලුවන්නට යන මේ ගැටළුව සම්බන්ධ විය හැකිය.අයිපීඑල් අවසාන තරගය පාලනය කර ගන්නට බැරි තරමට ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ලිහුණු අවස්ථාවක් මෑත කාලයේ ද ඉන්දියාවට ඇත.ඒ නිකම්ම නිකං මිනිස් සිරුරු සම්බන්ධයෙන්ය.ඒවා අතට අවි ආවෝත් තත්ත්වය තවත් දරුණු විය හැකිය.


ඉන්දියාව මෙන්ම තරගාවලිය පැවත්වෙන ශ්‍රී ලංකාව ද මිනිස් බෝම්බවල බර නිසා බිඳ වැටුණු කඩතොළු වුණු අප්‍රමාණ ඉතිහාස කතාවන් සහිත රාජ්‍යයන්ය.එවරනි වටපිටාවක බංගලාදේශයේ ප්‍රශ්නය ඉතා සරලව ඉන්දියාවේ තරග පැවත්වීම අතහැර විසඳගන්නට හැකියාව තිබියදී එය ලෝක දේශපාලනය ඈදා ගන්නා තැනකට වැඩෙන්නට දෙන අයිසීසී හිතුවක්කාරකම පැහැදිළි නැත.මෙයින් ඉන්දියාවට සහ අයිසීසීයට පාඩු විඳන්නට සිඳුවන මූල්‍යමය අර්බූදයක් ද පැන නඟිනු ඇත.ශ්‍රී ලංකාවට තරග අලුතෙන් ආරම්භ කරන්නට පවත්වාගෙන යන්නට මුදල් දෙන්න සිඳුවීමක් ද පෙනෙයි.


එහෙත් අයිසීසී ය හෝ ඉන්දියාව මේ ගැටළුව මිනිස් ජීවිතවලට ආපදාවක් විය හැකිය යන තැන සිට නිරහංකාරව බලනවා මිස තමන්ගේ දේශපාලන බලපුළුවන්කාරකම සහ මූල්‍යමය අවාසිය සළකා ලෝකයම ඇවිලෙන්නට හැකි තැනකට ගෙන නොයා යුතුව ඇති බව අපේ විශ්වාසයය.ඉන්දියාවද බංගලාදේශය ද කියන කාරණයට වඩා ඉන්දියාව වැවූ ගසේ අතු බංගලාදේශය පැත්තට නැමී ඇති බවත්,ඔවුන් කඩා ගන්නට යන්නේ එහි හටගෙන ඇති පල බවත් තේරුම් ගන්නට අයිසීසී ය ට බුද්ධිය පහළවීම මේ මොහොතේ මේ ප්‍රශ්නය ක්‍රිකට් ඇතුළේ විසඳා ගන්නට ඇති හොඳම අවස්ථාව උදා කරනවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...