ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28 වැඩ දා සිට ඇරඹි ඉරාන මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණ වීම හා රාජාණ්ඩුවට එරෙහිව දියත් වූ උද්ඝෝෂණ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිල වශයෙන් නිකුත්කර තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය මරණ සංඛ්‍යාව 3,117 දෙනෙකු වශයෙන් වාර්තා කර තිබු අතර ඉරානයේ මාටර්ස් පදනම ප්‍රකාශ කර තිබුණේ, පෙළපාලිවලින් මියගිය අයගෙන් 2,427 දෙනෙකු සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදාවන බවයි. කෙසේ නමුත් ඊට පරස්පරව එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසා තිබුණේ, විරෝධතා රැල්ල අතරතුර 4,519 දෙනෙකු මිය ගිය බවයි.

කෙසේ නමුත්, ඉරාන බලධාරීන් මෙම විරෝධතා ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස හෙළා දුටු අතර ප්‍රචණ්ඩ කැරලි එක්සත් ජනපදය විසින් අවුලුවා ඇති බව කියා සිටියේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ මර්දනය පුළුල් ලෙස හෙළා දකිණු ලැබූ අතර, විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා මැදිහත් වන බවට තර්ජනය කට තිබු අතර පසුගිය සතියේ, සෞදි අරාබිය, කටාර් සහ ඕමානය ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයක්, ඉරානයට පහර නොදෙන ලෙස ට්‍රම්ප්ට බලපෑම් කළ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...