දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු චීන මුහුදේ ස්කාර්බරෝ ෂෝල් (Scarborough Shoal) ප්‍රදේශය අසලදී සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ Devon Bay නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යාමෙන් අවම වශයෙන් නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

නෞකාවේ සිටි පිලිපීන ජාතික නාවිකයන් 21 දෙනාගෙන් 15 දෙනෙකු බේරාගෙන ඇති අතර, තවත් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බැවින් සහන මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම අනතුර සිදුවූයේ චීනය සහ පිලිපීනය අතර දැඩි භූමිය අයිතිය පිළිබඳ ආරවුල් පවතින කලාපයක බැවින්, දෙරටේම වෙරළාරක්ෂක බලකායන් මෙහෙයුම් සඳහා එක්ව තිබේ.

ජාත්‍යන්තර බේරුම්කරණ තීන්දුවක් මගින් චීනයේ හිමිකම් ප්‍රතික්ෂේප කර තිබුණද, මෙම මත්ස්‍ය සම්පතින් පොහොසත් මුහුදු කලාපය පාලනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර දීර්ඝ කාලයක සිට දේශපාලනික නොසන්සුන්තාවක් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, මෙම අනතුර මතභේදාත්මක මුහුදු සීමාවන් තුළ පවතින භයානක තත්ත්වය නැවතත් ලොවට සිහිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...