හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති වල තිබූ පෙටි බුර්ෂුවා ද්‍රෂ්ටිවාදීබව පසුවට කතාකරමු)

ඔවුන් දේශපාලනය කලේ ස්වාර්තයන් පසෙකට දමාය. මේ හේතුව නිසාම ඉහල සිට පහලට පක්ෂයේ සිටි සියලු සාමාජිකයන් යනු ඉතා සරල ජීවන රටාවකට හුරුවූ අයවිය. එබැවින් දේශපාලනයෙන් හරිහම්බ කරගැනීම, අනෙකා පරයා යන දේශපාලන තරු බවට පත්වීමට දැඟලීම වැනි පුත්ගල දුර්ගුනවලට පක්ෂය තුල ඉඩක් නොවීය.. මේ හේතුව නිසාම පක්ෂය තුල පුත්ගලික ධනය, බලය සමුච්චගත නොවිනි..

නමුත් මාලිමාව හරහා ජ.වි.පෙ.ට එකතුවූ පිරිස් එසේ නොවේ. ඔවුන් උන්නතිකාමී මධ්‍යම පාන්තිකයින් පිරිසකි. මින් බහුතරයක් පසුගිය ජනප්‍රිය රාජපක්ෂ විරෝධී රැළ්ලේ නැගී සිවිල් චරිතබවට පත්වීමේ අභිලාශයෙන් ජ.වි.පෙ.ට පැමිණි පිරිසකි. මින් බොහෝ දෙනෙක් රාජපක්ෂ කඳවුරේ සිටියවුන්වේ.. ( ජ.වි.පෙ. කාඩරය දුර්වලවූ මොහොතක ස්වකීය වරප්‍රසාද ඉල්ලා ඔවුන් ඇතුලතින්ම කැරළිගසනු ඇත) ඔවුන් දීර්ඝ කාලයක් වාම විනයගත දේශපාලන සංකෘතියක නොසිටි අයවළුන් වන බැවින් සෙසු පක්ෂවල තිබූ වංචා, දූෂන මින් ඉදිරියට ජ.වි.පෙ.ටද ඇතුලුවිය හැකිය..

ජ.වි.පෙ යනු දශක ගනනාවක් දේශපාලනය කොට හොඳ නරක දෙවිදියේම අත්දැම් ලබාගත් සූක්ෂම දේශපාලන පක්ෂයකි. ජනතාවට කිට්ටු සහ ජනතාවගෙන් ප්‍රතිවිරෝධයක් නොනැගෙන සටන්පාඨ සහ ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ඔවුන් දනී.

නමුත් මෑතදී මාළිමාව හරහා ජ.වි.පෙ.ට එක්වූ අය එසේ නොවේ. ඒ ගොඩක් දෙනෙක් මහපොලොවේ ජීවත්වෙන අය නෙවේ..ඔවුන් රැඩිකල් ප්‍රතිසංස්කරණ ලෙස ගෙනෙන ප්‍රතිසංස්කරණ ඇත්තෙන්ම රැඩිකල් නැත. ඒවා අනවශ්‍ය අන්තයකට ගිය අන්තවාදයන් ලෙස පවතී.. ඒවා ලාංකීය සංස්කෘතික මහපොලොව තුල වහාගිනි ඇවිලෙන සුළු ඒවාය..

තව ස්වල්පයක් එහෙමෙහෙ වූවානම් හරිණි මැතිනිය ගෙනා ප්‍රතිසංස්කරණ නිසා ආන්ඩුවට වසර දෙකක් යාමට මත්තෙන් ගෙදර යාමට සිදුවනු ඇත..

කොහොමටත් යාදෙක නොරත රත වගේ තමා.

මාළිමාව යනු හිස ගැලවුන රිටිගල ජයසේනට කලබලේට වලස් හිසක් සවිකළා වැනි සංධානයකි.

ආන්ඩු කරනයේ කොයි මොහොතක හරි මාළිමාවන්ට ජ.වි.පෙ. අත ඇරලා යන්ට වෙනවා. නැත්තන් ජ.වි.පෙ.ට ලඟදි සෙට්කරගත් මාළිමාවන් එක්කම ඉතිහාසයෙන් වඳවෙලා යන්නවෙනවා..

කොහොමටත් ඉස්සරහට ජ.වි.පෙ. කාඩරයට මාළිමා සෙට් එක නාන නාන වෙලාවල් බල බල හෝදනවා ඇරෙන්ට වෙන වැඩක් කරන්‍ට වෙලාවක් නැතිවෙයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...