පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වයඹදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ ඊයේ(23)දිනයේදී පැවති විවාහ මංගල්‍යයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල ප්‍රදේශවල සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමට සූදානම් වන අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර තිබේ.

බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර මෑත වසරවලදී රට තුළ බොහෝ ප්‍රහාර එල්ල කර ඇති පාකිස්තාන තලේබාන් සංවිධානය, ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්තානය (TTP) මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇතැයි එරට රජය විශ්වාස කරයි.

2021 දී එක්සත් ජනපද සහ නේටෝ හමුදා වසර 20 ක යුද්ධයකින් පසු රට හැර ගිය විට, ඇෆ්ගන් තලේබාන් සංවිධානය අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ නැවත බලයට පත්වීමෙන් පසු  පාකිස්තාන තලේබාන් සංවිධානයහෙවත් ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්තානය (TTP)සන්නද්ධ කණ්ඩායමක් වශයෙන් ඉදිරියට විත් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...