පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

Date:

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හයදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් හයදෙනෙකු එලෙස සේවා තහනමට ලක් කර ඇත.

අදාළ සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...