ජනාධිපති මන්දිරයේ කෝටි 1.7ක මුදල ටිරාන්ට දෙන්නැයි දේශබන්දු කියලා – උසාවියේදී හෙළිවෙයි

Date:

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි තිබී ඔවුන්ට හමුවී පොලිසියට භාරදුන් රුපියල් 17,850,000 ක මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇතැයි මෙතෙක් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊයේ (05) අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ලබාදුන් දුරකථන ඇමතුම සම්බන්ධව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තබා ඇති සටහන්වල වාර්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එම දුරකථන ඇමතුමේ හඬපට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ දුරකථන සමාගම් දෙකකට නියෝග කළේය.

මෙම මුදල් වහාම අධිකරණයට භාරදිය යුතුව තිබුණත් පොලිසිය එම මුදල් අධිකරණයට භාරදී තිබුණේ දින ගණනාවකට පසුව ය.

ඒ අනුව එම විශාල මුදල අධිකරණයට භාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධී ක්‍රියාවලියක් බව අධිකරණය හමුවේ පැවසූ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට වාර්තා කරන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...