සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (29) අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

එමෙන්ම මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින අතර එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද ඇය අවධාරණය කළාය.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.

”ආදරණීය දුවේ, පුතේ,

පළවෙනි ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන ඔබට, අප තිළිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා 13 වසරක අධ්‍යාපනය තුළින් පාසලෙන් එළියට යන්නේ සමතෙක්, දක්ෂයෙක් විදියට රටට ලෝකයට ප්‍රයෝජනයක් දෙන අයෙක් විදියට බවට මට විශ්වාසයි. අන්න ඒක තමා අපි ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා ඒ ලෝකය භාරගන්න කල්.

ආදරණීය ගුරුවරුනි,

මව් ඇකයෙන් මිදී ඔබ වෙතට පැමිණෙන දරු දැරියන්ට අධ්‍යාපනය පමණක් නොව, ආදරය, සෙනෙහස හා රැකවරණයද ලබාදෙන බව අපි දනිමු. ඔවුන්ට අකුරු පමණක් නොව ජීවිතයද උගන්වන ඔබට ප්‍රණාමය පුදකර සිටිමු. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබගේ කැපවීම මත බව මතක් කිරීමට කැමතියි. ගුරුවරු සමඟ ඇති කරගන්නා සබඳතාවය දියුණු කරගත යුතු අතර, එය අතිශ්‍ය වැදගත්ම දෙයක් ලෙස අපි දකිනවා. එහි ගෞරවණීය බව රැකගෙන වෘත්තීය බව රැකගෙන ඉදිරියට යා හැකි බවට වන විශ්වාසය අප සතුව තියෙනවා.

දයාබර දෙමාපියණි,

ඔබ දරුවන්ව පාසලට භාරදෙන්නේ විශාල බලාපොරොත්තු හා විශ්වාසයකින් යුතුවයි. ඒ සිහින දකින අනාගතයට යා හැකි යන අසීමිත බලාපොරොත්තුව අපි සියලුදෙනා හොඳින් තේරුම් ගෙන ඉන්නේ. ඔබ අපට භාරදුන්න දරුවන්ගේ වගකීම අපි භාරගන්නවා. ඒ බර අපි ගන්නවා. ඔබ දකින සිහිනය, බලාපොරොත්තුව රටට ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියෙක් බිහිකරන්න දකින සිහිනය අපි තුළත් තියෙනවා. මේ වැඩේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් පමණක් නොව. ජනාධිපති ඇතුළු සමස්ත රජයේම වගකීමක්. ඒ වගකීම අපි භාරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබේ මුදල් පසුබිම්බිය මත ඔබේ දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට කිසිලෙසකවත් අපි ඉඩනොතබන බව විශ්වාසයෙන් කියන්න කැමතියි.” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...