සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ ප්‍රමුඛතම පුත්‍රයා වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ(03)දිනයේ ලිබියාවේ බටහිර සින්තාන් නගරයේදී ඝාතනය කර තිබේ.
ගඩාෆිගේ දෙවන පුත්‍රයා වශයෙන් සැලකෙන සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනයට ලක්වන විට 53වන වියේ පසුවූ අතර ඔහුගේ නිවසට කඩා වැදුණු වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයන් සිවු දෙනෙකු විසින් ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබු බව දේශපාලන උපදේශක අබ්දුල්ලා ඔත්මාන් සහ ඔහුගේ නීතිඥ කලීඩ් එල්-සයිඩි ඇතුළු ඔහුට සමීප පුද්ගලයින් තහවුරු කර ඇත.

බොහෝ දෙනෙකු විසින් සයිෆ් අල්-ඉස්ලාම් ඔහුගේ පියාගේ උරුමක්කාරයා සහ ලිබියාවේ දෙවන බලවත්ම පුද්ගලයා ලෙස සලකු අතර ඔහුගේ පියාගේ පාලනයේ විරුද්ධවාදීන්ට එරෙහිව වධහිංසා පැමිණවීම සහ අන්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බොහෝ චෝදනා එල්ල විය. 2011 පෙබරවාරි වන විට, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ගමන් කිරීම තහනම් කරන ලදී.

