*
Friday, May 9, 2025
spot_img

Latest Posts

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් දෙන්න පියවර රැසක් – ඇමති හරීන්

සංචාරක ක්ෂේත්‍රයට බලපා ඇති ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා මේ වනවිට පියවර රැසක් ගනිමින් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“තෙල් ප්‍රශ්නය තමයි උඝ්ර වශයෙන් සංචාරක ක්ෂේත්‍රයට කෙළින් බලපාන ප්‍රශ්නයකට තියෙන්නෙ. ඒකට තමයි අපි ඉස්සෙල්ලාම විසඳුම් හොයන්න ඕනෙ. දැන් අපි ලංකාවේ ස්ථාන 10ක සංචාරක කර්මාන්තයට විතරක් තෙල් දෙන පිරවුම්හල් 10ක් ගන්න කටයුතු කරමින් යනවා. අපි ඒ වගේම කැබිනට්ටුවට දැම්මා තව එකක්, අශෝක් ලේලන්ඩ් සමාගමේ තියෙනවා බවුසරේම ඩිස්පෙන්සර් එකක් එක්ක තෙල් ගහන්න පුළුවන්, ජංගම තෙල් පිරවුම් යන්ත්‍රයක්. අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සල්ලි යම් ප්‍රමාණයක් තියෙනවා, ඒකෙන් අපට ඒ ටික අරගෙන තෙල් ටික සංචාරකයො වෙනුවෙන් ගෙනියලා දෙන වැඩපිළිවෙලක්. ඊළඟට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් යෝජනා කිහිපයක් ගෙනල්ලා තියෙනවා 09 වෙනිදායින් පස්සෙ සංචාරක කර්මාන්තයට අවශ්‍ය තෙල් ඔය ඇප් එකේ විදියටම අපට දෙන්න. දැනටත් අපි පුංචි වැඩක් කළා. එකක් සංචාරක කර්මාන්තය අත්‍යාවශ්‍ය සේවාවක් කළා. මොකද, නැත්නම් තෙල් හම්බුවෙන්නෙ නෑනෙ. හමුදා කඳවුරුවලින් පෙට්‍රලුත් ලංගම ඩිපෝවලින් ඩීසලුත් දෙන වැඩපිළිවෙලක් අපි පටන් ගත්තා”

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සංචාරක ව්‍යාපාරයේ නියැළෙන පිරිස් සමග පෙරේදා (06) කළුතර ප්‍රදේශයේ පැවති සංවාදයකදී ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan