සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW :

බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ නව වැඩපිළිවෙළ පිලිබඳව අදහස් දක්වා සිටී.


ඒ අනුව, සූර්ය බලශක්තියෙන් ලබා ගන්නා විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව සූදානම් බව පවසයි.

මෙමගින් සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මග හැරී යන බව, එම අමාත්‍යංශය කියා සිටියේය.

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව එම විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි. මෙහිදී රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10, මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති ස්ථාපනය කරනු ඇත.

ඒ සදහා රජය විසින් දියත් කළ වැඩපිළිවෙලට අනුව පසුගිය වසරේ ටෙන්ඩර් පත් කැදවනු ලැබූ අතර, එහිදී ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබු බවයි බලශක්ති අමාත්‍යංශය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...