නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පළමුවරට දිවා රාත්‍රී තරගයක් පැවත් වූ දිනය හැටියට කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණය පත් වුණේ 2026 පෙබරවාරි 10 වන දා ය.එහි ජයග්‍රහණය භුක්ති විඳින්නට පකිස්තානය සමත් වූයේ ඇමෙරිකානු කණ්ඩායම ලකුණු 32 න් පරාජය කරමින්ය.
විස්සයි විස්ස ආකෘතිය යනු වෙනම ක්‍රීඩා රටාවක් බව මෙම තරගාවලිය හරහා ඔප්පු වෙමින් තිබෙන අතර ඇමෙරිකාව ඊට හොඳින් උදාහරණ සපයන කණ්ඩායමක් වී ඇත.මීට පෙර ඉන්දියානු කණ්ඩාමද උපරිමයෙන් තිගැස්මට ලක් කරන ලද ඇමෙරිකාවේ ජයග්‍රහණය වැළකුණේ ඉන්දිය නායක සූරියකුමාර් යාදෙව් දක්වන ලද දක්ෂතාවය නිසාය.
අයිසීසී පූර්ණ සාමාජිකත්වය අහිමි රටවල් විස්සයි විස්ස යනු මෙලෝ යකෙකුට විශ්වාසය තැබිය නොහැකි යකාගේ ක්‍රීඩාවක් බව පෙන්වමින් සිටින මෙවර තරගාවලියේ සටන පන්දුව සහ පිත්ත අතර දෝලනය වෙමින් තිබෙන අතර එස්එස්සි සටනේද පළමුව පන්දුවට පහර දුන් පකිස්තාකය වෙනුවෙන් මුල් පෙළේ පිතිකරුවන් (සයිම් අයුබ් 19, ශසිබඩ්සා ෆර්හාන් 73, බාබර් අසාම් 46,) මෙන්ම මැද පෙළේ ශදාබ් ඛාන් 30 ද පකිස්තානය පහසුවෙන් ලකුණු 200 ඉක්මවා යන බවට ඉඟි කළ ද,යළිත් ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානුවා, සැඩ්ලි වැන්ෂොල්මක් (25/4) ප්‍රමුඛ ඇමෙරිකානු පන්දු යවන්නෝ පාකිස්තානුවන්ගේ කඩුලු 5 ක් පන්දු 10 ක් තුළ දී උදුරාගෙන පකිස්තානු ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 9 ට ලකුණු 190 ක් බවට පත් කළහ.
පකිස්තානය ලකුණු 32 න් ජයග්‍රහණය කළ ද, ඇමෙරිකාවේ ශායන් ජහාන්ගීර් 49, මිලින්ද් කුමාර් 29, ෂුබ්හැම් රන්ජනී 51, තමන් සුළුවෙන් තැකිය නොහැකිය යන අනතුරු ඇඟවීම සිඳු කරමින් පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 158 ක් රැස් කරන්නට සමත් විය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකානට කෙතරම් වැදගත් ද යන කාරණය නැවත නැවත තහවුරු කරමින් එස්එස්සී පිටිය පකිස්තාන සහ ඇමෙරිකානු සහය වෙනුවෙන් පැමිණ විදේශිකයන්ගෙන් සෑහෙන්න පිරී තිබිණ.මේ සියළු දෙනාම මෙහි ගත කරන එක් දිනයක දී වුව,මෙරට ආර්ථිකයට එක් කරනු ලබන විදේශ මුදල සුළු නැත.ඒ අතින් මේ තරගාවලිය රටක් හැටියට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථිකමය ගැටළුවලට ද පිළිතුරු ලබා දෙන ජාතික වගකීමක් ඇති තරගාවලියක් ලෙස ලාංකිකයන් අවබෝධයෙන් යුතුව තේරුම් ගත යුතුව ඇත.
මේ තත්ත්වය නිසාම මේ තරගාවලියේ විශාලම මුදල්මය ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමි යව ඉන්දීය – පකිස්තාන තරගය වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් දරා ගන්නට සමත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙන එන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇති අතර,එම තරගය නොපැවත්වෙන්නට තිබුණ ඉඩ වසාලමින් නැවත තරගය පැවත්වීම සඳහා වන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ද සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තරගාවලිය රටට දිනා ගැනීමට කරන ලද වෙහෙස වඩාත් අර්ථවත් කරන්නටය.
එසඑස්සී ක්‍රීඩාංගණය සම්බන්ධ ඉතිහාසයේ වැඩිම විදේශිකයන් පිරිසකගෙන් සිය නැරඹුම් ඉඩකඩ පිරවූ දිනය හැටියටද පකිස්තානය – සහ ඇමෙරිකාව අතර පැවති තරග දිනය ලෙස ද ඉතිහාසය ආලෝකමත් කරනු ඇත්තේ,එස්එස්සි ය ආලෝකමත් වීමේ ආඩම්බරයට තවත් හේතු පාඨයක් එක් කරමින්ය.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන මඟය.
https://bit.ly/4rIRbe3


