අපරාධ වැඩිවෙන්නෙ, පාතාලය ආයෙත් හිස ඔසවන්නෙ අරගලය නිසා – සහන් ප්‍රදීප්

Date:

මේ වනවිට රටපුරා යළිත් අපරාධ රැල්ලක් හිස ඔසවමින් තිබේ. දිනපතා අවම වශයෙන් එක් අයෙකු හෝ මහමගදී ඝාතනය වෙමින් තිබෙන අතර මීට අමතරව වෙනත් අපරාධද ඉහළ යමින් තිබේ. පාතාල ක්‍රියාකාරකම්ද දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවැනි ආකාරයෙන් දෛනිකව මිනිස් ඝාතන ඇතුළු අපරාධ ඉහළ යමින් තිබෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් නිසා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පෙන්වා දෙන්නේ. පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පොලීසිය හා යුද හමුදාව හෑල්ලුවට ලක්ව ඇති බවත්, එමෙන්ම රටේ නීතිය හා සාමය විනාශ වූ බවත් පෙන්වා දෙන සහන් ප්‍රදීප් මහතා පවසන්නේ ආරක්ෂක අංශවලට පවා තත්වය පාලනය කරගත නොහැකි වූ බවයි. මෙම තත්වය පාතාල කණ්ඩායම්වලට හා වෙනත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට ආශිර්වාදය වූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...