ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :

ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වන අතර, මෙම ප්‍රදේශය දුර්ලභ සත්ත්ව විශේෂ සහ ශාක පද්ධතීන්ගෙන් පිරිපුන් මෙම සංවේදී කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයක් බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ මෙම වටිනා පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙන අතර, ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟාවී ගින්න නිවීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නොමැති බව තවදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...