ඉන්දියාව සිය 75වන නිදහස් දිනය සමරයි ! (LIVE: Republic Day Parade – 2022)

Date:

”ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු. දැන් අපගේ පොරොන්දු ඉටු කිරීමට කාලය එලඹ ඇත. සම්පූර්ණයෙන් නොවුනත්, ඉතා වැදගත්ව එය කල යුතුව ඇත. මුලු ලොවම නිදිගත් මෙම රාත්‍රියේ, 12 කණිසම වදින විට ඉන්දියාව සිය නිදහස සහ ජීවය ලබා අවධිවනු ඇත. අපි අතීතයෙන් අනාගතයට පියමන් කරන, සියවසක අවසානය ලකුණු කරන සහ දිගු කලක් නිහඬ කරන ලද දේශයක ආත්මය නැගීසිටන දිනයක් පැමිණෙනු ඇත. එමනිසා මෙම අවස්ථාවේ වඩාත් සුදුසු වන්නේ අප විසින් ඉන්දීය මාතාවට, රටවැසියනට සහ මනුෂ්‍යත්වයට කැපවීමෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කරගැනීමයි..”

Tryst with Destiny කථාව, ජවහර්ලාල් නේරු, 1947 අගෝස්තු 15_

1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍යය පාලනයෙන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස ඉන්දියාව සිය නිදහස් දිනය සමරයි. අද දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් වන අතර ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ රතු කොටුවේ සිදුවන අතර මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික කොඩිය ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි.

ඉන්දීය ඩයස්පෝරාව, ඉන්දීය ජාතිකයන් වැඩි වශයෙන් වෙසෙන පෙදෙස් වල විවිධ සංදර්ශන සහ පෙළපාළි මගින් තම නිදහස් දිනය සමරනු ලෝකයේ නොයෙක් තැන්වල දැකගත හැක. නිව්යෝර්ක් නුවර සහ ඇමෙරිකාවේ අනෙකුත් සමහරක් නගරවල අගෝස්තු 15 “ඉන්දීය දිනය” වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඉන්දියානු තැපැල් සේවය අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරන බව වාර්තා වේ.

අද දිනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විට්හි සඳහන්කර තිබුණේ “මෙම සුවිශේෂී නිදහස් දිනයට සුබ පැතුම්. ජායි හින්ද්.” යන්වෙනි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...