පකිස්ථානය ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින් ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පකිස්ථානය ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින් අද(27) අලුයම ඇෆ්ගනිස්ථානයේ කාබුල්, කන්දහාර් සහ පක්ටියා වෙත බෝම්බ ප්‍රහාර මාලාවක් දියත්කර තිබේ.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් X හි සටහනක් එක් කරමින් සඳහන් කර ඇත්තේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය අතර දැන් විවෘත යුද්ධයක් පවතින බවයි.

ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපති හමීඩ් කර්සායි X හි සටහනක් එක් කරමින් පකිස්ථාන ගුවන් යානා නැවතත් කාබුල්, කන්දහාර් සහ පක්ටියා වෙත බෝම්බ හෙලූ බව තහවුරු කර තිබු අතර තලේබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා ⁠මුජාහිඩ් සඳහන් කර තිබුණේ, ඇෆ්ගනිස්ථානය ඩුරන්ඩ් රේඛාව ඔස්සේ පකිස්ථාන හමුදාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරක මෙහෙයුම් සිදු කිරීමට සුදානම් වන බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ දෙපාර්ශ්වයේම පුද්ගලයින් 70 කට වැඩි පිරිසක් මිය ගිය මාරාන්තික සටන් වලින් පසුව ගොඩබිම් දේශසීමා හරස් මාර්ග බොහෝ දුරට වසා දැමුණු අතර පසුගිය වසරේ කටාර් මැදිහත් වී සටන් විරාමයකට අත්සන් තබන ලදී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ජාත්‍යන්තර නීතිය යටතේ අවශ්‍ය පරිදි සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත්, රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් ඕනෑම මතභේදයක් විසඳා ගැනීමට දිගටම උත්සාහ කරන ලෙසත් දෙපාර්ශ්වයෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...