Home විදෙස් යුධ තර්ජන මධ්‍යයේ ඇමරිකා-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් වේ

යුධ තර්ජන මධ්‍යයේ ඇමරිකා-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් වේ

0
6

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති ඉහල මට්ටමේ සාකච්ජා ඊයේ(26)දිනයේදී එකඟත්වයකින් තොරව අවසන් වී තිබේ.

මේත් සමඟ ධවල මන්දිරය සඳහන් කර තිබුණේ, දශක ගණනාවකට පසු මැද පෙරදිග සිදු කරන විශාලතම මිලිටරි මෙහෙයුමක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

ටෙහෙරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තැනීමට නොහැකි බවට සහතිකවන ලෙස එක්සත් ජනපදය ඉල්ලා ඇතිමුත් ඉරානය සැමවිටම එවැනි ඉලක්කයක් තිබීම ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කණ්ඩායම ඉරානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ගැන කලකිරීමට පත්ව ඇති බවට වාර්තා වී ඇත.

ඇමරිකානු-ඉරාන යුද්ධයක් පිළිබඳ බිය මධ්‍යයේ මැද පෙරදිග පුරා කනස්සල්ල වැඩිවී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් කලාපය තුළ පෙර නොවූ විරූ ලෙස එක්සත් ජනපද මිලිටරි බලය ගොඩනඟා ඇති අතර, ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම් දෙකක්, ප්‍රහාරක ගුවන් යානා, ගුවන් යානා ඉන්ධන පිරවීමේ උපකරණ සහ ටොමාහෝක් මිසයිල වලින් සමන්විත සබ්මැරීන ද ඊට ඇතුළත් වේ.