මර්වින්ට හා ප්‍රසන්න රණවීරට අධිචෝදනා!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27) අධිචෝදනා භාර දී තිබේ.

ඒ,කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත විභාග වූ නඩුවට අදාළවය.

ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ එම නඩුව විභාගයට ගෙන තිබුණු අතර එම අවස්ථාවේදී විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත වීම තහනම් කර ඇත.

ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගන්නා ලෙසද නියෝග කර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කර ඇත.

රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...