දිනෙත් – කල්හාර සියය සහ හාර සියය ඉසව්වලින් පෙරළියක් කරයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 28, කොළඹ LNW:

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගණයේදී ක්‍රියාත්මක ජාතික තේරීම් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ වත්මන් කෙටි ධාවන සූරයා වන චමෝද් යෝධසිංහව පරාජය කරමින් 20 හැවිරිදි දිනෙත් ඉඳුවර වීරරත්න ජය ගැනීමත්, මීටර් 400 ඉසව්වේදී 19 හැවිරිදි කල්හාර ඉන්දුප සිල්වා,කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන පරාජය කිරීමත් කැපී පෙණුනා.
තරගාවලියේ මූලික වටයේදී ද මූලික තරග අතරින් මීටර් 100 ඉසව්ව සඳහා හොඳම කාලය වාර්තා කර තිබුණේ දිනෙත් වන අතර,ඔහු සිය මූලික තරගය ජය ගත්තේ තත්පර 10.35 පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් වීම කැපී පෙණුනා.කල්හාර ඉන්දුප සිය ඉසව්ව තත්පර 45.40 න් නිමා කරමින් අවසාන තරගයේදී කාලිංග කුමාරගේ සට අරුණ දර්ශන පිළිවෙලින් දෙවන සහ තෙවන තැනට ගෙන ඒමට ඉදිරිපත් වුණා.


මේ ක්‍රීඩකයින් දෙදෙනාගේම ජයග්‍රහණ ජාතික වැදගත්කමක් ඇති ජයග්‍රහණ ලෙස හැඳන්විය හැකියි.මේ කාලයන් සමඟ ඉසව්වේ වැඩිවන තරගකාරීත්වය සමඟ ඉදිරියේදී ජාතික වශයෙන් මෙම ඉසව් දෙකේ ප්‍රගතියක් අපේක්ෂා කිරීමට හැකි අතර මෙවැනි දක්ෂ තරුණ ක්‍රීඩකයින් මුණ ගැසෙන පළමු මොහොතේම ඔවුන්ව රැක ගැනීමේ වැඩ පිළිවෙලක්,ක්‍රීඩාව සම්බන්ධයෙන් සැබෑ ජාතික වගකීමක් ඇතුව වැඩ කරන රටවල්වලින්නම් සිඳු වෙනවා.


මේ අතර 25 හැවිරිදි නිශෙන්ද්‍රා හර්ෂනී ප්‍රනාන්දු මීටර් 400 ඉසව්වෙන් තමන්ට අභියෝගයක් සේ වැඩෙමින් සිටින පසු පරම්පරාවේ ජිත්මි විජේතුංග සහ සයුරි මෙණ්ඩිස් දෙවැනි කරමින් ඇයගේ හොඳම කාලය වන තත්පර 52.86 ක කාලයකින් නිමා කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...