පෝළිම්වල ඉන්න එකේ තේරුමක් නැහැ පෝය දවසෙත් අපි වැඩ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති බැවින් ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බවයි. එම අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බවය. 

“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළිම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා. දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, ‌තෙල් සැපයුම් කරනවා. අපි සියලුම පිරවුම්හල්වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින්  අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...