ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක ඇමතිත් ජීවිතක්ෂයට : ඉරානය පුරා දින 40 ක ශෝක කාලයක් …

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟ ඉරානය පුරා දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් ටෙහෙරාන් අගනුවරට රැස්වී සිය නායකයා වෙනුවෙන් ශෝකය පළ කරති.

මීට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ පවතින ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.

දැනටමත් ඩුබායි සහ දෝහා වැනි නගරවල පිපිරීම් වාර්තා වී ඇති අතර, දෙපාර්ශවය අතර පවතින මෙම ගැටුම ප්‍රචණ්ඩකාරී යුදමය තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

ජනාධිපති ට්‍රම්ප් මෙම ඝාතනය තහවුරු කරමින් ප්‍රකාශ කළේ ඉරානය විසින් සිදු කරන ඕනෑම ප්‍රතිප්‍රහාරයකට නොදුටු විරූ ප්‍රබල බලවේගයකින් පිළිතුරු දෙන බවයි. මින් මුළු මැදපෙරදිග කලාපයම දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති අයුරු දක්නට ලැබේ.

තවද, ඉරානයට එල්ල වූ එක්සත් ජනපද – ඊශ්‍රායල් ප්‍රහාරවලින් එරට සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල් රහීම් මුසාවී සහ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදී ජීවිතක්ෂයට පත් වූ බව නිල IRNA ඒජන්සිය පවසයි. එසේම කමේනිගේ ආරක්ෂක උපදේශක අලි ෂම්කානි මෙන්ම IRGC අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද ඝාතනය කිරීම ඉරානය මීට පෙර තහවුරු කර තිබුණි,.

සන්නද්ධ හමුදාවල තවත් අණදෙන නිලධාරීන් ද මිය ගිය බවත් ඔවුන්ගේ නම් පසුව ප්‍රකාශයට පත් කරන බවත් IRNA ඒජන්සිය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...