මැදපෙරදිග පවතින අස්ථාවරභාවය හේතුවෙන් සෞදි අරාබියේ වසන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

මැදපෙරදිග පවතින අස්ථාවර ආරක්ෂක වාතාවරණය හේතුවෙන් සෞදි අරාබියේ වසන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවධානයෙන් පසුවන ලෙස එරට තානාපති කාර්යාලය දැනුම් දෙයි.

නිල මූලාශ්‍ර මගින් නිකුත් කරන උපදෙස් පමණක් පිළිපදින ලෙසත්, සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී අවධාරණය කර ඇත.

ගමන් බලපත්‍ර ඇතුළු අනන්‍යතා ලේඛන ආරක්ෂිතව ළඟ තබාගන්නා ලෙසත්, අනතුරුදායක ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය ලබාගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක සහ සන්නිවේදන ක්‍රමවේද රැසක් තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය. +966 56 975 3380 යන අංකය හරහා Whatsapp හෝ IMO පණිවුඩ සඳහා භාවිත කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.  [email protected] විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.

මෙමගින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...