ජොන්ස්ටන්ලා,රෝහිතලා එක්ක වැට පනින්න පෙර ශ්‍රීලනිපයෙන් ජනපතිට ප්‍රශ්නයක්! (VIDEO)

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක පරණ පුරුදු ජාවාරම්කාරයන්ගෙන් පිරුණු කැබිනට්ටුවක් යළි ස්ථාපිත කිරීමෙන් එය ජනතාව කොතෙක් දුරට පිළිගනීවිද යන ප්‍රශ්නය පවතින අතර පක්ෂ විසිනුත් වැදගත් පුදගලයින් ඒ සඳහා නම් කිරීමට ක්‍රියා කළ යුතු බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අවශ්‍ය වන්නේ තනතුරු බෙදාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයක් නොව පවතින තත්ත්වයෙන් ගොඩ යා හැකි කුඩා කැබිනට් මණ්ඩලයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පරණ පුරුදු වැරදීම රනිල් වික්‍රමසිංහ මහතාත් සිදුකළ හොත් අනාගතයේදී ඔහුටත් විශාල වැරදීමක් සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ගොඩනැගිය යුතුවන සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එහිදී අනිවාර්යයෙන් ජාතික සභාව ගොඩනැගිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...