සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය සමඟ එක්සත් ජනපදය ඉක්මන් රජයේ බිඳවැටීමක් අපේක්ෂා කරන අතර, විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ බල රික්තය ජාතිකවාදී කෝපයෙන් ඇවිස්සුණු වඩාත් ආක්‍රමණශීලී හමුදා නායකත්වයක් බිහි කළ හැකි බවයි.
කෙසේ නමුත්, එක්සත් ජනපද ගැති ෂා මොහොමඩ් රේසා පහ්ලවිට එරෙහිව ඉස්ලාමීය විප්ලවයට නායකත්වය දුන් අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ අභාවයෙන් පසු 1989 දී කමේනි ඉරානයේ උත්තරීතර නායකත්වය භාර ගත් අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ කමේනි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් ඝාතනය කිරීම සඳහා පළිගැනීම රටේ “යුතුකම සහ නීත්‍යානුකූල අයිතිය” බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයුම විමුක්තිය උදෙසා කරනු ලබන්නක් වශයෙන් සඳහන් කර ඇති අතර “හිස” ඉවත් කිරීම ශරීරය වේගයෙන් කඩා වැටීමට හේතු වනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ නමුත් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ඉරානයේ “හිස” ඉවත් කර ඇති අතර, මැද පෙරදිග විශාලතම මිසයිල අවි ගබඩාවකින් සන්නද්ධ “ශරීරය” තවමත් පවතින බවයි.
අභ්‍යන්තරිකයින්, හමුදා විශේෂඥයින් සහ දේශපාලන සමාජ විද්‍යාඥයින් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කරන ලද සම්මුඛ සාකච්ඡාවලින් පෙනී යන්නේ ඉරානයේ ඉහළම නායකත්වයේ හිස ගසා දැමීම බටහිර රටවල අපේක්ෂා කරන ආකාරයට සිදු නොවිය හැකි බවයි. ඒ වෙනුවට රටතුල නීතිමය ක්‍රමයක් ඇතිවිය හැකි බවත්, පසුපසින් බලය ගැන තරඟ හා අස්ථාවරතාවයන් ඇතිවෙන්න ඉඩ කඩ ඇතිබවත්ය.
ඉරානයේ නීති පද්ධතියට අනුව, ඉරානයේ උත්තරීතර නායකයා මියගියොත් හෝ සිය කාර්යන් කිරීමට නොහැකි තත්වයක් ඇතිවුවහොත් නව උත්තරීතර නායකයනු තේරී පත්වන තුරු රටේ අතුරු නායකත්ව කමිටුවක් පත් වීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති, අධිකරණ ප්‍රධානියා මෙන්ම ආගමික නායක මණ්ඩලයක සාමාජිකයෙක් එක්ව තාවකාලිකව බලය හසුරවනු ඇත.
ඉන් අනතුරුව සාමාජිකයන් 80 දෙනෙකුගෙන් සමන්විත Assembly of Experts කියන ආගමික නායක මණ්ඩලයක් මඟින් නව උත්තරීතර නායකයකු පත්කර ගන්නා අතර එහි වේ. මෙම සාමාජිකයන් සියලු දෙනාම ඉස්ලාම් ආගමිගේ ජේෂ්ඨයන් වේ.
කෙසේ නමුත්, ඉතිහාසය දෙස බැලීමේදී රූහොල්ලා කෝමේනි මරණයෙන් (1989) අනතුරුවත් බලය සඳහා තරඟ ඇතිව තිබු අතර
ඒ වගේම අදත් විප්ලවීය හමුදා(IRGC), ආගමික කණ්ඩායම්, දේශපාලන පක්ෂ මෙන්ම තරුණ කණ්ඩායම් අතර අතර බල සටනක් ඇතිවෙන්න ඇති ඉඩකඩ වැඩි බවයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්ලේෂණය කරන්නේ,

